IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සූර්පිට කෑම කා ඉඳුල් කොළේ කළයකට දාලා

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අගනුවර පිහිටි ප‍්‍රධාන පෙළේ මංගල්‍ය උත්සව ශාලාවකි. පසුගියදා එහි විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූයේ නගරයෙන් බැහැර වූ පවුල් දෙකක සහභාගත්වයෙනි. උත්සවයට ප‍්‍රදේශයේ ප‍්‍රභූන් රැසක්ද එක්ව සිටියහ.


රසමසමුළුවලින් පිරුණු උත්සවයේ මධුවිතද නොඅඩුව තිබුණි. දිවා භෝජන සංග‍්‍රහයට පසුව එක් වූ මධුවිතද තොලගා සිටි අයකු කෑම කා අවසානයේ ඉඳුල් කොළ දැමීමට වට පිට බලන විට අසල වූ මැටි කළයක් දැක ඉඳුල් සියල්ල ඊට දැමීය. තම සගයෝද එය අනුගමනය කළහ.


ඉඳුල් හා අපද්‍රව්‍ය දැමීමට තිබූ භාජනය කලින් පිරී තිබූ නිසා එය ඉවත්කොට තවෙකක් රැගෙන ආ සේවකයාට තරු පෙනුණේ උත්සව ශාලාවේ අලංකාරයට තබා තිබූ මැටි කළය ඉඳුල් සහ අපද්‍රව්‍ය පොලිතින් ආදිය දමා ඇති ආකාරය දුටුහෙයිනි.


සේවකයා මේ පිළිබඳව ‘‘අපහාසාත්මක’’ ප‍්‍රකාශයක් කිරීම නිසා ගැටුමක් ඇතිවීමට ගියත් කීප දෙනකු සහභාගි වී එය සමථයට පත් කළාලූ.



අදහස් (0)

සූර්පිට කෑම කා ඉඳුල් කොළේ කළයකට දාලා

ලසිත් Wednesday, 03 December 2014 12:02 PM

අමුත්තන්ගේ ඉඳුල් කෑම පිගන් වේටර් වරුන් ඇවිත් ගෙනියන ක්‍රමයක් මේ ප්‍රධාන හෝටලයේ නැහැ කියන එක ටිකක් විශ්වාස කරන අමාරුයි. (ර)

:       0       0

වරුණ Wednesday, 03 December 2014 02:46 AM

අපද්‍රව්‍ය දැමීමට තිබූ භාජනය නැති නිසා ඉතින් මේකේ වරදක් කියන්නත් අමාරුයි (නි)

:       0       0

වාස් Wednesday, 03 December 2014 12:44 PM

මේවත් විහිළුද? (ර)

:       0       0

සඳුන් Wednesday, 03 December 2014 03:53 AM

දමන්න භාජනයක් නැතිවුණාම කොළේ කන්නද? තැන තැන නොදමා කලයට දැම්ම එක හොඳයි. (නි)

:       0       0

හසාන් Wednesday, 03 December 2014 08:38 AM

මේවා පත්තරේ දාන්න ඕන දේවල් නෙමෙයි (දිල්)

:       0       0

චමිලා Wednesday, 03 December 2014 05:04 AM

මගුල් ගෙවල්වල පිගන් හෝදන සිරිතක් තියනවද? (නදී)

:       0       0

පබ්ලිස් Tuesday, 02 December 2014 07:34 PM

හිතාමතා කළදෙයක් නොවේ. මිස්ටර් මධුවිතලාගේ වැඩ ඕවා (නි)

:       0       0

අසෝකා Wednesday, 03 December 2014 10:02 AM

සමහරු මගුල් ගෙවල් වල ගිහින් බොනපාට් එක දාලා, ගොරියක්ට මග පාදාගෙන එතන අවුලක් ඇතිකරන්නම හිතාගෙන යන කට්ටියත් ඉන්නවා. මොනවා වෙතත් ගෝරියක් නැතිව මංගල උත්සවය නිමවූ එක හොදයි. (ර)

:       0       0

වාසනා Thursday, 04 December 2014 09:55 AM

අනේ මන්ද මටත් පොඩ්ඩක් හිනා ගියා ඉතින් (නදී)

:       0       0

නිමල් Tuesday, 02 December 2014 09:45 PM

බඳුන ඉවත් කරන්න පෙර වෙන බඳුනක් තියන්න ඕනෑ. සේවකයාගේ හෝ හෝටලයේ වරද. (නි)

:       0       0

ජයනි Tuesday, 02 December 2014 09:51 PM

ඉතින් මේ ප්‍රධාන පෙළේ උත්සව ශාලාවේ මොකද්ද මේ අමුත්තන්ට ඉඳුල් කොළ බැහැර කරන්න වෙන කෑම සපයන ක්‍රමය? එතන තියෙන්නේ පිඟන් නෙමෙයිද? අනෙක ප්‍රධාන උත්සව ශාලා වල අමුත්තන් කෑම කා අවසානයේ වේටර්වරු පැමිණ ඉඳුල් පිඟන් ආදිය ගෙනයනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1234 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site