IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර්පිට ඇල්ලූ පැදිකරු බැලුම් පුම්බන්න බෑ කියලා


නගරයට ගොම්මන ළඟා වෙමින් තිබිණි. අඩ අඳුරේ මහා මාර්ගයේ අසාමාන්‍ය අන්දමින් ගමන් කරන යතුරුපැදිකරුවකු පොලිස් ඇසට අසුවිණි. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු යතුරුපැදිකරුට නවතින්නැයි සංඥා කළහ. යතුරුපැදිකරු බීමත්ව සිටින බව පොලිස් නිලධාරීන්ට අවබෝධ විය. යතුරුපැදිකරු පොලිසියට ගෙන ගිය පොලිස් නිලධාරීහු බීමත්කම පරීක්ෂා කිරීම සඳහා ශ්වසන නළයක් (ඇල්කොලයිසරයක්) ඔහු අතට දෙමින් “
මේ බැලුම පුම්බන්න” යැයි කීහ.


රහමෙර පානයෙන් පදම් වී සිටි යතුරුපැදිකරු “බැලුම් පුම්බන්න අවුරුදු උත්සවයක් මෙතන නැහැනේ” කියමින් බැලූනය පිම්බීම ප්‍රතික්ෂේප කළේ ඒ වන විට පොලිසියේ තිබූ නිහඬතාව ද බිඳ දමමිනි. අනතුරුව යතුරුපැදිකරු මෙල්ල කළ පොලිස් නිලධාරීහු ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බීමත්ව සිටින බව තහවුරු කර ගත් වෛද්‍ය වාර්තාව සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

(මාතලේ අධිකරණ වාර්තාකරු - සසිරි රණහංස)



අදහස් (0)

සූර්පිට ඇල්ලූ පැදිකරු බැලුම් පුම්බන්න බෑ කියලා

චානක Thursday, 07 July 2016 04:11 AM

මරු පොරක් (බ)

:       0       0

පොද්දල රවින්ද්‍ර Thursday, 07 July 2016 05:10 AM

පණ්ඩිත බේබදද්ට හොද පාඩමක් (බ)

:       0       0

සෑම් Thursday, 07 July 2016 07:49 AM

1988/89 කාලේ දිනක රාත්‍රියේ මගේ මෝටර් සයිකලය පොලිසියෙන් නැවැත්වුවා. එවිටම මගේ පසුපස සිටි මිතුරා කිව්වා බීලා වගේ ඇක්ට් කරපන් කියලා . මගෙන් තොරතුරු අහනකොට මම ට්කක් ඇදලා පැදලා කිව්වා පාටියකට ගියා, දැන් ආපහු ගෙදර යනවා කියලා. බිව්වද කියලා ඇහුවාම, මම ඔව් කිව්වා. එහෙනම් අතපය කඩා ගන්නේ නැතිව පරිස්සමින් යන්න කිව්වා. කාලය මැව් වෙනසක මහිමේ (බ)

:       0       0

සමන් Thursday, 07 July 2016 07:56 AM

අර විජිත හේරත් කියල මන්ත්‍රී කෙනෙක්වත් ඇල්ලුවලු නේද බිල වාහනේ හප්පගෙන ..එතකොටත් ඔය බැලුම් දුන්නද දන්නෑ පුම්බන්න , අහිංසක ම්නිහෙක් බිව්වොත් තමයි මේ සේරම නීති ,අරුන්ට මොන නීතියක්වත් වලංගු නෑ (බ)

:       0       0

කල්ප Thursday, 07 July 2016 09:12 PM

අරක්කු බීලා පාරේ යනවා නම් පොලිසියේ තියාගෙන වෙරි හිඳුනහම ගෙදර යවන්න තිබුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site