IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සොරාගත් රන්බඩු ආපහු ජනේලෙ උඩට ඇවිදින්

නිවසේ අල්මාරියක තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා රත්රන් භාණ්ඩ සොරකම්කර මාසයකට පසුව එම නිවසේම ජනේලයක් මතට ආපසු පැමිණීමේ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
වැඩිහිටියන් සහ දූ දරුවන් සියල්ල රජයේ සහ පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නිරතවන පිරිසකි. ඔවුහු නවීන පන්නයට ඉදිකළ නිවසක ජීවත් වූහ. යාන වාහන කීපයක් ද ඔවුන් සතු වූ අතර ප්‍රධාන මාර්ගයට සැතපුම් කිහිපයක් දුරින් නිවස පිහිටා ඇති අතර නිවැසියන් ගමන් බිමන් යාමේ දී සහ රැකියාවලට යන අවස්ථාවල දී වාහනවල කෙතරම් ඉඩ තිබුණත් ගමේ අයට ඒවායේ යාමට අවස්ථාවක් ලැබුණේ නැත.


නිවසේ සාමාජිකයන් අතර සිටි හැඩකාර තරුණියක පමණක් බොහෝ අවස්ථාවල රැකියාවට යාමේ දී ප්‍රධාන මාර්ගය දක්වා පා ගමනින් යන අතර ඇය භේදයකින් තොරව ගමේ සියලුම දෙනා සමග සුහදව ආශ්‍රය කළාය. එම හැසිරිම් රටාව නිවසේ අනෙක් අයට වහකදුරු වී තිබුණි.
තරුණියගේ සොහොයුරා ද විවාහ වී බිරිය සමග මහ ගෙදර ජීවත් විය. නිවසේ තිබූ ලක්ෂ හතරක් පමණ වටිනාමකින් යුතු  තමන්ගේ රන් ආභරණ සොරා ගෙන ඇති බවට එම කාන්තාව දිනක් උදෑසන හඩා වැළපෙන්නට වූවාය. නිවසේ සිටි සෙසු පිරිස ද ගෙදර දෙවනත් කරමින් සොයා බැලු‍ව ද ඒවා සොයා ගැනීමට නොහැකි විය.
අවසානයේ රන්බඩු සොරකම පිළිබඳ පැමිණිල්ල පොලිස් පොතේ ද ලියවුනේය. පොලිසිය පැමිණිල්ලට අනුව පරීක්ෂණ කළ අතර සොරෙකු පැමිණි බවට කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වීම නිසා ඔවුහු ද උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටියහ.
රත්රන් බඩු සොරකම සිදුවී මාසයකට වැඩි කාලයක් ගතවූ අතර පැමිණිලිකරුවන් පොලිසියට පැමිණ ‘‘රත්රන් බඩු ටික ගෙදර ජනේලයක් උඩට ගෙනවිත් දමා තිබුණා’’ යනුවෙන් සිදු කළ ප්‍රකාශත් සමග නිලධාරීහු පුදුමයට පත් වූහ. නිලධාරීන් පිරිසක් නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී රත්රන් බඩු සොරකම් කර නොමැති බව පැහැදිලි වූ නිසා නිවැසියන් ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔවුනට සත්‍යය වමාරන්නට සිදුවිය.


නිවසේ සිටි තරුණිය සොරකමට කොටු කිරීම සඳහා ඇයගේ නෑනා විසින් සිදුකළ ක්‍රියාවක් බවට හෙළිවීමත් සමග පොලීසිය බොරු පැමිණිල්ලක් කිරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අතර නිවැසියෝ හඬා වැළෙපෙමින් සමාව අයදින්නට වූහ.
පොලිසිය පිරිසට දැඩිව අවවාද කළ අතර පැමිණිල්ල ද ඉවත්කරගත් බව පැවසේ. කිහිප වතාවක් පොලීසිය එම නිවසට පැමිණීම හේතුවෙන් සිද්ධිය ගමපුරා පැතිර යාමට වැඩි වෙලාවක් ගත නොවූ අතර තරුණිය හැර නිවසේ අනෙක් පිරිස ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බව ද සැලවේ.

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන



අදහස් (0)

සොරාගත් රන්බඩු ආපහු ජනේලෙ උඩට ඇවිදින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site