IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සොරාගත් දොර හොයාගන්න දෙයියො පිහිටවෙලා

සොරකමක් සම්බන්ධව පොලීසියට පැමිණිලි නොකර දෙවියන්ගේ පිහිට පැතූ වඩුබාස්වර‍යකු පිළිබඳ පුවතක් පදියතලාව ‍පොලීසියෙන්  වාර්තා වේ.

අගතියට පත් වඩුබාස්වරයාගේ අඩක් වැඩ නිමකළ නිවසට තිබුණේ කුස්සියක් සහ එක් කාමරයක් පමණකි.
පසුගිය දිනෙක ඔහු කාමරය වසා බැහැරක ගොස් නැවත නිවසට පැමිණෙන විට කාමරයට සවිකර තිබුණ  ලෑලි දොර කිසිවකු විසින් ගලවාගෙන ‍ගොස් ඇති බව දැක ඇත.

ඒ සමඟ  ගෙතුළ තිබුණ  උදළුතල දෙකක්, ප්ලාස්ටික් පුටු තුනක්, සහ ගමන් මල්ලක්ද  සොරාගෙන ගොස් තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධව ‍පොලීසියට පැමිණිලි කරනවාට වඩා නැතිවූ  භාණ්ඩ සොයාදෙන ලෙස දෙවියන්ට බාරයක් කිරීමට තීරණය කළ වඩුබාස් උන්නැහේ දේවාලයක කපුවා මුණගැසීමට ගියේ බුලත් හුරුල්ලක් සහ පඬුරු ද රැගෙනය.

නැතිවූ භාණ්ඩ පිළිබඳ දුක්ගැනවිල්ල ඇසූ කපුවා ඒ ගැන ‍පෙන්නුම් කර දීමට  වැඳගෙන සිටින්නැයි කියා  දෙවියන්ට යාතිකා කරමින් සිටින අතර, සෝදිසියෙන් බලා සිටි වඩු බාසුඋන්නැහේට තමන් විසින් සාදන ලද දොරට සමාන ‍දොරක් එම  දේවාලයේ  කාමරයට සවිකර තිබෙනු දැක ඇත.

වඩාත් හොඳින් සැක හැර දැන ගැනීමට එය නිරීක්ෂණය කිරීමේදී ‘බාලගිරි දෝෂය අද නෙමේ හෙට’ යනුවෙන් තමන් දොරේ ලියා තිබූ අකුරු පෙළ මකා දමා තිබුණත් එම සළකුණ ඔහුට මනා ලෙස දැක ගැනීමට හැකි වී ඇත.

එය කපුවා සීනුව සොලවමින්  ‍සුවඳ දුම් අල්ලා ‍දෙවියන්ට කන්නලව් කරමින් සිටි  උච්චතම අවස්ථාවය.

‘මේ හොරාට බුලත් සහ පඬුරුවලට  ලොකු ගානකුත් වියදම් කළේ අපරාදෙ’ කියමින් වඩු බාස්වරයා පිම්මේ ඇවිත් පැමිණිළි කිරීම සඳහා නතරවුණේ මුලින්ම තමන් නොසලකා හරින ලද  පදියතලාව පොලීසියේය.

සිද්ධිය ගැන විමසූ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂාන් බන්දුල මහතා  උපපොලිස් පරීක්ෂක සුනිල්, පොලිස් සැරයන් 6040 ලලිත් සහ 28479 ජානක යන නිලධාරීන්ට වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලෙස උපදෙස් දුන්නේය.

ඒ අනුව එහි ගිය නිලධාරීන් දේවාලය පරීක්ෂා කිරීමේදී ‍සොරාගත් ලෑලි දොරට අමතරව අනෙකුත් භාණ්ඩද  සමග ඒවා සන්තකයේ තබාගෙන සිටි සැකකාර කපුවා පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරු වරද පිළිගත් අතර වරද කියාදීමෙන් පසුව ඔහුට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය අධිකරණයේ නඩු පැවරීමට පියවර ගැනිණි.

හිඟු‍රානේ නවරත්න සමරතුංග, දිගාමඬුල්ල විශේෂ ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ

 



අදහස් (0)

සොරාගත් දොර හොයාගන්න දෙයියො පිහිටවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site