IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සොරාගත් ගෑස් සිලින්ඩරය සොයා දෙන්න නම් හොරාසොයා දෙන්නැයි කියලා

(වියලුව වාර්තාකරු)
විශ්‍රාම ශාලාවක නතර වී තම රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටි වන්දනා නඩයක් සතුව තිබූ ගෑස් සිලින්ඩරයක් සොරාගෙන යෑමෙන් පසුව එම සිලින්ඩරය සොයා දීමට නම් එය රැගෙන ගිය පුද්ගලයා සොයා දෙන්නැයි විශ්‍රාම ශාලාවේ බාරකරුවන් විසින් වන්දනාකරුවන්ට පැවසූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


වන්දනා නඩය ගමන්ගත් බස් රථයේ රියැදුරා පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


ගොවිතැනින් ජීවත් වන ගම්බද පිරිසකි. ගොවිතැන් කටයුතු හමාර කළ ඔවුහු ලද අස්වැන්නෙන් කොටසක් විකුණා වන්දනා චාරිකාවක් සංවිධානය කළේ සිය දූ දරුවන් ද ඊට එක්කර ගනිමිනි.


පළමු දිනයේ චාරිකාව හමාර කළ ඔවුහු අගනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආගමික ස්ථානයක විශ්‍රාම ශාලාවක නතර වූයේ සැපපහසු ස්ථානවල නතර වන්නට තරම් වත්කමක් ඔවුන්ට නොතිබූ නිසාය. විශ්‍රාම ශාලා බාරකරුවන් විසින් ඉල්ලුම් කරන ලද නවාතැන්පොළ ගාස්තුව ගෙවා දැමූ පිරිස තමුන්ට වෙන්කර දුන් කොටස අතුපතුගා පිරිසුදු කොට ඔවුන් රැගෙන ගිය ගෑස් සිලින්ඩරය සහ ඊට සම්බන්ධ ළිප සවි කරනු ලැබුවේ විඩා නිවාගෙන රාත්‍රී ආහාරය පිළියෙල කිරීමේ බලාපොරොත්තුවෙනි.


ගෑස් සිලින්ඩරය සහ ළිප සවි කළ පිරිස් මුලින්ම තේ ටිකක් පානය කිරීම හොඳ යැයි සිතා වතුර මුට්ටියක් ද ළිප තබා එය රත්වන තුරු ඒ අසල වූ ජල කරාමය වෙත ගොස් ඇත්තේ ඇඟපත සෝදා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඇඟ සෝදාගෙන පැමිණි පිරිසට දැකගන්නට ලැබුණේ තමුන් රැගෙන ආ ගෑස් සිලින්ඩරය අතුරුදන් වී ඇති බවකි. ඉන් කලබලයට පත් පිරිස විශ්‍රාම ශාලාවේ බාරකරු හමුවී තම ගෑස් සිලින්ඩරය අතුරුදන්ව ඇතැයි පවසද්දී ඇඟට පතට නොගත් බාරකරු පවසා ඇත්තේ “ඔයගොල්ලො හොරා අල්ලලා දුන්නොත් මම ගෑස් සිලින්ඩරය හොයලා දෙන්නම්” යනුවෙනි.


විශ්‍රාම ශාලා බාරකරුගේ පිළිතුරෙන් පිරිස අන්දමන්ද වූවත් සිය ස්ථාවරය වෙනස් නොකළ ඔහු දිගින් දිගටම වන්දනා නඩයට පවසා ඇත්තේ තමුන්ට හොරා පෙන්වුවහොත් ගෑස් සිලින්ඩරය යළිත් ලබා දීමට හැකි බවකි. ඔහු සමග කොතෙක් තර්ක කළත් “යකෝ හොරා හොයා ගත්ත නම් වෙන කෙනෙකුට පෙන්නන්න ඕනි නැහැ කරන දේ අපි දන්නවා යැයි පැවැසූ නඩයේ සිටි තරුණ පිරිස ඒ අසල වූ වන රොදට රිංගා ඇත්තේ “දැන් ඉතින් දර ටිකක්වත් හොයාගෙන ඇවිත් උයමු.” යැයි එකිනෙකාට කියා ගනිමිනි.

 



අදහස් (1)

සොරාගත් ගෑස් සිලින්ඩරය සොයා දෙන්න නම් හොරාසොයා දෙන්නැයි කියලා

sam Friday, 31 August 2018 11:58 PM

මීට වසර විසිපහකට තිහකට පෙර (වර්තමානයේ කෙසේදැයි නොදනිමි) අපේ පාස්පෝට් අලුත් කිරීමේ අයදුම් පතේ, "නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් අයදුම් කරන්නේ නම්, එම නැතිවූ බලපත්‍රයේ 'ඡායා පිටපතක්' අයදුම් පත සමග ඉදිරිපත් කල යුතුයි" කියලා තිබුණු රටේ, මෙවැනි මිනිසුන් සිටීම පුදුමයක් නොවෙයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site