IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සොරකම් කළ දත් බුරුසුවත් බිලට වැටිලා

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



ඉණේ ගසාගෙන සඟවා සිටි දත් බුරුසුවටත් ගණන් හදා පාරිභෝගිකයා හොල්මන් කළ සුපිරි වෙළෙඳසල් හිමියකු පිළිබඳ පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
 මේ වෙ‍ළෙඳසලේ පුංචි පුංචි සොරකම්, එය විවෘත කළ දා සිටම තිබුණේය. මෙය අල්ලා ගැනීම සිතන තරම්ම පහසු නොවීය. සුවඳ විලවුන් වර්ග, දත් බුරුසු ඒ අතරින් ප්‍රධානය. මක්නිසා ද යත්, ඒවා හසු නොවුණේ ඉණේ ගසා ගෙන යා හැකි භාණ්ඩ නිසාවෙනි.
එන සෑම පාරිභෝගිකයා පිළිබඳවම ඇස ගසාගෙන සිටීමට බැරි වූයේ දිනකට සිය දහස් ගණනක්ම මෙහි එන පාරිභෝගිකයන් නිසාය. අනෙක, එය ඉතාම සීරු මාරුවට කළ යුතු එකක් වීම ද මෙයට තවත් හේතුවකි.
මේ ඊයේ පෙරේදා මහත්මයෙක් මේ සුපිරි වෙළෙඳසලට පැමිණ භාණ්ඩ රැගෙන, ඒ සඳහා බිල ගෙවීමට අයකැමි ළඟට ගියේය. එදා සිටියේ එහි හිමිකරුය. ඔහු මහත්මයා ගත් භාණ්ඩවලට මිල ගණන් සෑදුවේ එකින් එක මහ හඬින් කිය කියාය. අන්තිමට ඔහු ‘දත් බුරුසු එකයි’ කියා එයට ද මිල දැමුවේය.


මේ සමගම මහත්තයා, “මම දත් බුරුසුවක් ගත්තේ නැහැනේ” යැයි කීවේය. “ඇයි මහත්තයා, ඔයාගේ ඉණේ තියෙන්නේ දත් බුරුසුවනේ” යැයි වෙළෙඳසල් හිමියා කී විට, මහත්තයාට තුන් මුහුණින් දහඩිය දමන්න පටන්ගත්තේය. දත් බුරුසුවකින් දැන් දැන් තමාගේ රෙදි ගැලවෙන බව මහත්මයා සිතුවේය. “අනේ සොරි, මට ඔක්කෝම අතේ ගේන්න බැරි නිසයි මම මේ දත් බුරුසුව ඉණේ ගහගත්තේ” යැයි මහත්තයා කීවේය.
“ඕ... ඒක එහෙම වෙන්න ඇති” යැයි කියූ වෙළෙඳසල් හිමියා, කිසිදු දෙයක් සිදු නොවූ ගණනට, “ඒකට කමක් නැහැ. හෙටත් අපේ කඩේට බඩු ගන්න එන්න. මට ඉතින් දිවැස් තියෙනවා” යැයි කියමින් ළඟදී වෙළෙඳසලට සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය බලා සිනාසී මහත්තයා පිටත් කර යැව්වේය.



අදහස් (0)

සොරකම් කළ දත් බුරුසුවත් බිලට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site