IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සියදෝරිස්ගේ පටලැවිල්ලෙන් මළ ගෙදර සිනා සාගරයක් වෙලා

(මාවරල - පී.එස්. මද්දුමගේ)


ගම්මානයේ  ජීවත්වන වැඩිහිටි පරම්පරාව අධ්‍යාපනය අතින් දියුණුවක් නොලද අය වූහ. සියදෝරිස් කියන  පුද්ගලයා යමක් තේරුම් ගැනීමට නොහැකි අවබෝධයක් නැති  අයෙක් විය. 
අවිවාහක සියදෝරිස් සිය සහෝදරයා වූ තෙපානිස්ගේ ගෙදර ජීවත්විය. පියා ජීවතුන් අතර නැති අතර  තෙපානිස්ගේ මව ජීවත් වූයේද මෙම නිවෙසේය.
තෙපානිස්ගේ බිරිය  ගමේ තේ ඉඩම්වල අමු තේ දලු‍ නෙළා ලබා ගන්නා මුදලින් පවුලේ වියදම් සරිකර ගත්තාය. තෙපානිස්ට පිය උරුමයෙන් ලැබුණ කුඹුරු වැඩට, කරෝලිස්, අදිරියා, කොරනේලියා  යන අය උදව්වට පැමිණි අතර, ඔවුහු ඔහුගේ ඥාතීන් මෙන්ම  අහල පහල සිටි  හිත මිතුරෝද වූහ.
පසු ගිය වැසි දිනක තෙපානිස්ගේ මව අසනීප වූවාය. ගෙදර තිබූ  කඩෙන් ගෙනා කෂාය  බෙහෙත් බඩු තම්බා මවට පෙව්වද සනීපයක් නොවීය. වයස 80 ක් ඉක්මවා සිටි මහලු මව මධ්‍යම රාත්‍රියෙහි අවසන් හුස්ම හෙළුවාය.
   පසු දින උදේ මරණය ගැන දැනුම් දීමට ගිය අවස්ථාවේ “තෙපානිස්ට  දැන ගැනීමට ලැබුණේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර කොරනේල් විභාගය පැවැත්විය යුතුව ඇති බවය.
 පොලිසියට ගොස් පුරුද්දක් නැති තෙපානිස් ගෙදර පැමිණ  ඥාති පුත්‍රයකු ඒ සඳහා යවා, සියදෝරිස්ට කොර්නේල් එක්ක එන්නට යැයි කීවේය.
කිසිවගවිභාගයක් නැතිව එක පිම්මේ සියදෝරිස් කොර්නේල් එක්ක ඒමට පිටත් විය.
 පොලිස් නිලධාරියකු පැමිණ කරුණු සොයා බලා, හදිසිමරණ පරීක්ෂකවරයාට ලියුමක් ලියන අතරේ, සියදෝරිස්, කුඹුරු වැඩට  එන යන ගමේ කොරනේලිසා සමග ඉක්මන් ගමනින් පැමිණ  “අයියේ ඕන් මම කොරනේලිසා එක්ක ආවා, යයි කීය. 
පොලිස් රාලහාමි කොරනේලිසා දැක, මේ කවුද? මෙයා නෙවි, හදිසි මරණ පරීක්ෂකතුමා තමයි කැඳවන්න ඕනෑ යයි පැවැසීය. 
සියදෝරිස් කේන්තියෙන් මෙන් මහ හඩින් කීවේ, “ඇයි හත්වලාමේ මට අයිය කිව්වෙ කොරනේල් එක්ක එන්න කියල නේ. මම දන්න කොරනේල් තමයි මේ එක්කන් ආවෙ.
 පොලිස් රාලහාමි ඇතුළු ඒ අවස්ථාවේ මළගම ආරංචි වී තෙපානිස්ගේ නිවෙසට  පැමිණ සිටි  පිරිසට සිනාව නතර කර ගැනීමට නොහැකි විය.

 



අදහස් (0)

සියදෝරිස්ගේ පටලැවිල්ලෙන් මළ ගෙදර සිනා සාගරයක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site