(තිහගොඩ - උපසේන ලියනගම)
කොළඹ සිට තංගල්ල බලා දිවෙන ශීඝ්‍රගාමී බස් රථයකි. සති අන්ත දිනයක උදේ වරුව වූ හෙයින් බසයේ සිටියේ සීමිත පිරිසකි. බේරුවල නගරයේදී යුරෝපීය ඇඳුමැති වියපත් පුද්ගලයකු බසයට නැග්ගේ ඔහුගේ මිනිබිරිය යැයි සිතිය හැකි තරුණියක සමගය.
බසයට නැගගත් මොහොතේ ඉදිරිපස අසුනේ ඔහු වාඩිවූ විට මිනිබිරිය ‘සීයේ ඕක හාමුදුරුවන්ට. හාමුදුරුකෙනෙක් ආවොත් සීට් එක දෙන්න වෙනවා’ කීවෙන් ඔහු අනෙක් පැත්තේ අසුනක වාඩිවිය. එතැන සිටි තරුණයකු කීවේ මෙය ආබාධිතයින් සඳහා වූ අසුන නිසා වෙන තැනකට යන ලෙසය. මද කෝපයට පත් ඔහු පසුපස ආසනයේ වාඩිවුනා පමණකි. බසයට නැග ගත් ගැබිනි මවක් ඒ අසලට ආවාය.
‘ඕක මෙයාලගෙ ආසනේ. ඕක දෙන්න’ එවර කීවේ කොන්දොස්තර තැනය.
සීයාගේ කේන්තිය දෙගුණ තෙගුණ විය. වහා ආසනයෙන් නැගිටගත් ඔහු ‘යකෝ මේකෙ සීට් ඔක්කොම එක එකාට දීලා. මට සීට් එකක් නැද්ද?’ ඇසුවේ දැඩි කෝපයෙනි. ඒ අසල සිටි මිනිබිරිය මහත් ලජ්ජාවට පත්ව සීයේ පස්සට යමු කියා ඔහුගේ අතින් ඇල්ලුවාය. ‘පස්සට! උඹ පස්සට පලයං. මං මෙතන හිටගෙනම ඉන්නවා’ කී සීයා ඇගේ අත ගසා දමා ඉහළ වූ ආධාරක පොල්ල අල්ලා ගත්තාය.
ඒ අසල වාඩිවී සිටි තරුණයකු තම ආසනය සීයාට දී හිටගත් නිසා මේ ගැටුම කඩිනමින්ම නිමාවට පත් වුණාලු.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සීයාගේ දෝස්මුරයෙන් මිනිබිරියට තරු පෙනිලා