IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සයිකල් හැදිල්ලෙන් ගොළු රඟපෑම එළිවෙලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ගොළු‍ තරුණයකු ලෙසින් රඟ පෑ තරුණයකු තමාට උපකාර කළ තරුණයන් දෙදෙනකුට ගොළු‍ වෙන්නම දුන් අපූරු උපකාරයක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල කුඹුක් ගහ යටට විවේක වේලාවෙ දී එන තරුණයන් අතර මේ දෙන්නා ද සිටියහ. ඔවුනට මේ ස්ථානය නුහුරු නුපුරුදු තැනක් නම් නොවේ. 
එහෙත් දින දෙක තුනක සිටම මේ ස්ථානයේ අපිරිසුදු ඇඳුම් ඇඳගත් තරුණයකු ගැවසෙනු මේ තරුණයෝ දෙදෙනා දුටුහ. ඔවුන්ගේ කරුණාව ඔහු වෙත ඇදී ගියේ මේ ආගන්තුක තරුණයා ඉන්නා විලාසය දුටු විටය.
ඒ නිසාම මේ දෙන්නා මේ ආගන්තුක තරුණයා ළඟට කිට්ටු වූහ. වංහුං ඇහූහ. ඔහුගෙන් නෝ කතා නෝ සිනාය. පසුව බැලීමේ දී ඔහු කථන ආබාධිත බව ඔවුහු දෙදෙනාම අවබෝධ කරගත්හ. 
මෙම තරුණයාගේ කැමැත්තෙන්ම අපිරිසුදුව සිටි ඔහු මෙම දෙදෙනා එක්ව නෑවූහ. ඒ විතරක්ම නොවේ ඔහුට අලු‍ත් ඇඳුම් පැලඳුම් ද මිලදී ගෙන දුන්හ. 


ඔහුට පාපැදි අලු‍ත්වැඩියා කිරීමට හැකි යැයි දැනගත් මේ තරුණයන් දෙදෙනා අම්බලන්ගොඩ නගරයේ පාපැදි අලු‍ත්වැඩියා කරන සිය මිතුරකුට හඳුන්වා දී එතැන රැකියාව ද ලබා දීමට ක්‍රියා කළේය. 
මෙම තරුණයන් දෙදෙනා පිළිබඳව තිබූ විශ්වාසය නිසාම පාපැදි අලු‍ත්වැඩියා කරන මිතුරා ගොළු‍ ගෝලයා සිය නිවෙසේ ද නවතා ගත්තේය. ඒ ඔහුගේ අහිංසක බව අවබෝධ කර ගැනීමෙන් අනතුරුවය.
ඒ අතර තුර පාපැදි අලු‍ත්වැඩියා කරන තැනැත්තාගේ ජංගම දුරකතනයේ මුරපදය පවා මතක තබා ගැනීමට තරම් ඔහු සූක්ෂම වූයේය. ගත වූයේ දින දෙක තුනකි. කතා කිරීමට නොහැකිව සිටි තරුණයා අතුරුදන් වූයේය. ඒ විතරක්ම නොවේ පාපැදි අලු‍ත්වැඩියා කරන මිතුරාගේ රුපියල් දෙලක්ෂයකට වැඩි නවීන පන්නයේ ජංගම දුරකතනය ද මේ සමගම අතුරුදන් වී තිබිණ.
පාපැදි අලු‍ත්වැඩියා කරන මිතුරා ඔහුට ගොළු තරුණයා මුණ ගැස්සූ තරුණයන් දෙදෙනාට සිය ජංගම දුරකතනය සොයා දෙන්න උදව්කරන ලෙස ඉල්ලන්නේ ගොළු‍ තරුණයා වටේටම සොරකම් කරන ලද ජංගම දුරකතනයෙන් වොයිස් මැසේජ් දමමින් සිටින බව ද කියමින්ලු‍.



අදහස් (1)

සයිකල් හැදිල්ලෙන් ගොළු රඟපෑම එළිවෙලා

Pradeep Kumara Thursday, 08 February 2024 12:36 PM

මේ වගේ හොරු නිසා ඇත්තටම උපකාර අවශ්‍ය පුද්ගලයෙකුට වුනත් උපකාර නොලැබී යන්න පුළුවන්.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site