 සිය සැමියා මහමග තැනින් තැන මිතුරන් සමග බොමින් මහ රෑ දෙගොඩ හරියේ  සැමදා නිවෙසට පැමිණීම එක රැයකින් නවතා දැමූ භාර්යාවක් පිළිබඳ කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
සිය සැමියා මහමග තැනින් තැන මිතුරන් සමග බොමින් මහ රෑ දෙගොඩ හරියේ  සැමදා නිවෙසට පැමිණීම එක රැයකින් නවතා දැමූ භාර්යාවක් පිළිබඳ කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
මිතුරන් සමග ඔහු බිව්වේ අද ඊයක නම් නොවේ. එසේ බී ඔහු නිවෙසට එන්නේ රෑ දෙගොඩ හරියේය. මෙය භාර්යාවට මෙන්ම දරුවන්ට මහත් කරදරයක්වී තිබිණ. බීමත්ව මහ රෑ යතුරු පැදියෙන් නිවෙසට පැමිණ යතුරු පැදියෙන් බිම වැටී අතපය කඩාගෙන තිබූ අවස්ථාද නැත්තේ නොවේ. ඒ නිසාම සිය සැමියා බේරා ගැනීමට ඇය නොගත් උත්සාහයක් නැත. ඇය ඔහුට හොඳින් නරකින් කීවාය. ඒ එකකින්වත් ඔහු රෑ බීලා ගෙදර එන එක නතර නම් නොවීය.
එදා රෑ ඇය මේ සඳහා අපූරු උපක්‍රමයක් යෙදුවාය. එදා රෑ දෙගොඩ හරියක් වනතුරුම ඔහු ගෙදර නාවේය. එසේ ඉන්නාවිට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ඇයට ආවාය. අනේ මම දැන් ඉන්නේ පොලිස් කූඩුවේ. මට ඇපයක් තියන්න ඕනෑ එළියට එන්න නම්. ඔයා පුතත් එක්ක ඇවිත් මට ඇපයක් තියලා අරගෙන යන්න කියමින් ඔහු බැගෑපත් වූවාය. මම බීලා යතුරු පැදියෙන් එන කොට පොලීසියට මාට්ටු වුණා. අඳුනන පොලීසියේ අය හිටියත් වෙනදා වගේ බේරෙන්න බැරි වුණා. මම බීලා යතුරු පැදියෙන් එනවා කියලා කවුදෝ ඔත්තුවක් දීලා. ඒ නිසා නඩු දානවා ඇර වෙන කරන්නම දෙයක් නැහැ කියලා පොලීසියෙන් කිව්ව බව ද ඔහු ඇයට කීවේය.
භාර්යාව සිය ලොකු පුතා සමග පොලීසියට ගොස් ඔහුට ඇප තියා ගෙන ආවේ තවත් දින තුනකින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ පොරොන්දුව මතය. උසාවි යන දවසට ඔහුට රුපියල් 25,000ක් රැගෙන යාම අනිවාර්ය වී තිබුණේ බීමතින් රිය පැදවීමේ වරදේ දඩය ලෙසය. මේ මුදල ගෙවන්න ඔහු සන්තකයේ මුදල් නොතිබුණේය. තමා ඒ සඳහා අත මාරුවට මුදල් තමා සමග බොන මිතුරන්ගෙන් ඉල්ලුවේය. එයට කන් දුන්නේ ඔවුන් නොවේය.
දඩ මුදල් නොගෙව්වොත් ළඟින්න වෙන්නේ කූඩුවේය. මෙය මතක් වන පාරක් පාරක් ගානේ ඔහුගේ ඉහමොළ රත් වූවේය. සිය සැමියාගේ දුක ඇය තඹේකටවත් මායිම් නොකළාය. ඒ සඳහා ඇය රුපියල් 25,000ක් සොයාගෙන තිබුණේ කාලයක පටන්ය.
අධිකරණය දවසේ ඇය ඔහු දක්කාගෙන ගියේ දඩ මුදල් තමන් ගෙවන්නම් යයි කියමිනි. දඩේ ගෙවා ඔහු බේරාගෙන ආවත් එදා රෑ ඔහු බීලා යතුරුපැදියෙන් එන බව ටක්කෙටම පොලීසියට ඔත්තුව දුන්නේ කවුද ? යන්න ඔහු නොදත්තත් එය ඇයත් ඇයගේ ගෙදර අයත් දන්නා කාරණයක් ලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුමිහිරි ජොලිය කූඩුවෙන් නැවතිලා