IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැමියා විදුලි පහන දල්වද්දී මිතුරා බිරිය ළඟ සිට පැන ගිහින්

(අම්බලන්තොට - සනත් ගමගේ)
ස්වාමිපුරුෂාත් බිරියත් නිදියහනේ නිදන අවස්ථාවේ දී නුහුරු නුපුරුදු සිරුරක් බිරියගේ ඇඟේ ස්පර්ෂවීමෙන් කලබලයට පත් බිරිය මහ හයියෙන් කෑගසද්දී ස්වාමිපුරුෂයා කාමරයේ විදුලි ලාම්පුව දල්වනවාත් සමඟම තමාගේ යහළුවා නිදියහනේ සිට පැන යෑමේ සිද්ධියක් අම්බලන්තොට නගරයට නුදුරු ගමකින් අම්බලන්තොට පොලිසියට වාර්තා විය.


වයස අවුරුදු 32 ක් තරම් වූ බිරිය සිය සැමියා සමඟ නිදියහනේ නිදමින් සිටින අවස්ථාවේ දී බිරියගේ උරහිස ප්‍රදේශයට අතක් ස්පර්ශ වී ඇති අතර සැමියාගේ අතට වඩා එම අතේ වෙනසක් දැනුණු හෙයින් අල්ලා බලද්දී එම තැනැත්තා කලිසමක් ඇඳ ඉනේ පටියක්ද තිබෙනු අතට හසුවීම නිසා සිය බිරිය මහ හයියෙන් විලාප ගසන විට නින්දට ගිය සැමියා අවදී වී කාමරයේ විදුලි ලාම්පුව දල්වා තිබේ.


ඒ සමගම ඇඳේ සිටි තමාගේ යහළුවා ඇදෙන් පැන පිටිපස්සේ දොරෙන්  පලා ගොස් ඇත.


නිවසේ පිටුපස දොරේ ඉහළ ඇති කවුළුවෙන් අත දමා දොර විවෘත කිරීමට හැකි හෙයින් එසේ දොර විවෘත කර යාළුවා කාමරයට ඇතුළු වී නිදියහනට පැමිණ යාළුවාගේ බිරිඳට අතවරයක් කිරීමට සූදානම් වී ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.

 



අදහස් (1)

සැමියා විදුලි පහන දල්වද්දී මිතුරා බිරිය ළඟ සිට පැන ගිහින්

Nuwan Friday, 29 November 2019 07:25 AM

හැමදාම වෙන්නේ ඔය වැඩේ තමයි. ඒ වුනත් කරුමෙට එදා ස්වාමිපුරුෂයා ගෙදර හිටියා. ගැහැණු කවද්ද විශ්වාස කරන්න පුලුවන්.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site