IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සැමියා පොලිසියේ කූරු ගනිද්දී බිරිය වෙන ලෝකයකට ගිහින්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කසිප්පු ජාවාරම නිසා සිය බිරිඳත් අහිමි කර ගත් සැමියකු පිළිබඳව එක්තරා ගමකින් වාර්තා වේ.


ඔහු කසිප්පු ජාවාරම ජයටම සිදු කර ගෙන යන පුද්ගලයකි. තැබෑරුම්වලට මුදල් වියදම් කිරීමට නොහැකි බොහෝ දෙනා ඔහුගේ පිහිට පතති. ණයට වුවද කසිප්පු ඕනෑම වෙලාවක ලබාගත හැකි නිසා ඔහු පිළිබඳව පොලිසියට පවා ඔත්තු ගියේ කලාතුරකිනි.


පිටට හොඳ පුද්ගලයකු වූවත් ඔහු ගෙදරට යකකු මෙන්ය. ඔහුගේ මෙම හැසිරීම් නිසා ඔහුගේ බිරිය සිටියේද දැඩි කනස්සලෙනි. රූමත් කාන්තාවක වූ ඇය පිළිබඳව ඔහු උජාරු වූවත් දැඩි ආදරය හා කසිප්පු පානය නිසා ඇයට ඔහු නීරසම විය.


 එහෙත් ඇය ඔහු සමග යුග ජීවිතය ගත කළේ ගත යුතු වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති කම හා ඔහු ඇයට ගෙදරින් පිටට යාමට නොදෙන හෙයිනි. අඩුම තරමේ සිය මහා ගෙදරට වත් ඇයට යාමට ඔහු තහංචි දමා ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් ඇති කර ගනීවි යැයි සැකයෙනි.


සැමියාගෙන් කසිප්පු පානය කිරීමට පැමිණි කලින් විවාහ වී දික්කසාද  පුද්ගලයකු සමග ඇය සැමියාට හොරෙන් සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇත්තේ සිය කසාදය නාමික කසාදයක් පමණක් වූ බැවිනි. 


 මේ අතර දිනක් ඔහු බලාපොරොත්තු නොවූ අවස්ථාවක කසිප්පු සමග පොලිසියට හසුව තිබේ. තමන්ට ඇප ලබා දීමට හා දඩය ගෙවීමට උසාවියට යාමට සුදුසු පුද්ගලයකු නොවූ අතර බිරිය ඔහු බැලීමට පොලිසියට පැමිණි අතර ඔහු ඇයට බැංකු කාඩ් පත ලබා දී උසාවියට පැමිණ ඇප දී දඩය ගෙවන ලෙස කියා ඇත. 


ඔහු පොලිසිය තුළ ගත කළේද සිය බිරිඳ තනියෙන් නිවස තුළ නිසා දැඩි නොසන්සුන්තාවයෙනි. 


මේ අතර බිරිඳ මොහුගෙන් ගැලවීමට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට කල්පනා කර සැමියාගේ දුරකථනයෙන්ම සිය අලු‍ත් අනියම් පුද්ගලයා ඇමතු ඇය කාරණය පවසා තිබේ. 

 
උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී දඩ මුදල ගෙවා ඇත්තේ වෙනත් පුද්ගලයකු බව දැක ඔහු බිරිය කොහෙදැයි කල්පනා කර තිබේ. 


උසාවියට පැමිණීමට ඇති බිය නිසා ඇය නොපැමිණියා විය හැකි යයි සිතූ ඔහු නිවෙසට ගොස් තිබේ. 


බිරිය නිවස තුළද දක්නට නොවූ ඔහු දෙවියන් සිහිවී හැම තැනම සොයද්දී ඇය විසින් ලියූ ලියුමක් හමුව තිබේ. එයින් කියවී ඇත්තේ කොතරම් කීවද කසිප්පු විකිණීම නතර නොකරන නිසාත් ඇයත් ගැහැනියක් නිසා නාමික කසාදයට ඇය සුදුසු නොවන බවය.


 තමන් වෙනත් පුද්ගලයකු සමග දුර පළාතකට යන බවත් වන්දිය ලෙස බැංකුවේ සියලු‍ම මුදල් තමන් ලබා ගන්නා බවත් අවශ්‍ය දඩ මුදල පමණක් එයින් ගෙවන බවය. තමන් එදා සිට මේ දක්වා හම්බ කළ කසිප්පු මුදල් බැංකුවේ බවත් පොලිසිය තුළදී දඩ මුදල් ගෙවීමට ඇයට එම කාඩ්පත ලබා දුන් බව මතක් වෙද්දී ඔහුට හීන් දහඩිය දමා ඇත.


 ගිනි වතුර මිනිස්සුන්ට පොවා හම්බ කරන සල්ලි යා දෙන්නේ නැති බව කිහිප අවස්ථාවක තමන් වෙත කසිප්පු බීමට පැමිණෙන පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් කී හැටි ඔහුට මතක් වී කරන්නේ කුමක් දැයි කල්පනා කරමින් ඔහු එම ගමෙන් පිටව ගොස් ඇත්තේ ගේ දොර ඉඩ කඩම් ගැන පවා නොසිතමිනි. 



අදහස් (1)

සැමියා පොලිසියේ කූරු ගනිද්දී බිරිය වෙන ලෝකයකට ගිහින්

hima Friday, 09 July 2021 12:41 PM

හම්බ කරපු සල්ලි ඔක්කොම බැංකුවේ දානවා.. කාඩ් එකෙන් ඒ ඔක්කොම සල්ලි දවසට දෙකට ගන්නවා. වෙන්න පුළුවන් වැඩක්ද? සිද්ධිය මොකක් වුණත් අතින් දාලා ලියලා කියලා පේනවා.

:       3       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1374 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site