මාළු වෙළෙඳාමේ යන ගමන් නිවසකින් පිට්ටු කෑමට ගිය සංචාරක මාළු වෙළෙන්දෙකුට බර පාඩුවක් සිදුවූ පුවතක් අක්කරෙයිපත්තුව මාර්ගයට සම්බන්ධ ඇළ ඉවුරක් සහිත ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය සියැසින් දුටුවෙකු පැවසූ පරිදි එය මෙසේ සිදුවී ඇත.
දිනපතා අක්කරෙයිපත්තුව ධීවර තොටුපලකින් මුහුදුමාළු මිලදී ගන්නා ඔහු එම මාළු තම යතුරු පැදියේ තබාගෙන අම්පාර ප්‍රදේශයේ සංචාරය කරමින් අලෙවි කරන අයෙකි.
ඉකුත්දා උදෑසන සිරිත් පරිදි අක්කරෙයිපත්තුව සිට ඔහු මාළු රැගෙන එන අතර තුර ඇළ ඉවුරේ සිටි හිතවත් කාන්තාවක් මුණ ගැසීමෙන් පසුව නැවතී ඇය සමඟ කතාබස් කර ඇත. සැමියකු නැති ඇය තරමක් රූමත් කාන්තාවකි.
එහිදී තමා පිට්ටු තම්බා ඇති බැවින් පිට්ටු කෑල්ලක් කෑමට නිවසට එන ලෙස ඇය ඔහුට ඇරියුම් කර ඇත. ‘ෂරි ෂරි නල්ලම්‘ යැයි පැවසු ඔහු ඇයගේ ආරාධනය සතුටින් පිළිගත්තේය.
එම ස්ථානයේ ඇළ ඉවුර තරමක් පටු වූ බැවින් ට්‍රැක්ටර් වැනි වාහන ධාවනය වන නිසා මාළු පෙට්ටිය බැඳි යතුරු පැදිය තරමක් නුදුරින් තිබුණ ලඳු කැලෑවක් අසල නතරකොට ඔහු නිවසට රිංගා ඇති බව කියති.
ඉන් පසුව කාන්තාව විසින් පිසින ලද පිට්ටු කෑමට දිගු කාලයක් ගත වුණේ නොදැනුවත්වමය. පිට්ටුකා සප්පායම් වූ මාළු වෙළෙන්දා කාන්තාවගෙන් සමුගෙන යතුරු පැදිය නවතා තිබුණ ස්ථානය වෙත එමින් සිටිය දී කපුටන් සිය ගණනක් කෑ ගසමින් එතැන ගැවසෙනු දැක ඔහු ‘ෂෝ....ෂෝ... ‘ගාමින් උන් එළවද්දී මාළු පෙට්ටිය බැඳ තිබුණ යතුරු පැදිය ද පෙරළුණි. එතැන සිටියේ කිඹුලෙකුට සමාන දැවැන්ත කබර ගොයෙකි. කිසියම් හෙයකින් කබරයා මාළු පෙට්ටියට ගොඩ වෙද්දී යතුරු පැදිය පෙරළී ඇත. ඒ වනවිට කපුටු රංචුව මාළු පෙට්ටියේ තිබුණ සාලයින් හුරුල්ලන් සහ බෝල්ලන් වැනි කුඩා මාළු කා දැමීමෙන් රුපියල් දහස් ගණනක අලාභයක් සිදු කර තිබිණි.
එහෙත් මාළුන් රස වැටුණ කබරගොයා පන්නා දැමීමට මාළු වෙළෙන්දාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව සිද්ධිය දුටුවෙක් වැඩි දුරටත් පැවසීය.
කාන්තාවගේ නිවසට ගොස් එතැනට පැමිණීමට ප්‍රමාදවූ හේතුව විමසූවිට මාළු වෙළෙන්දා පවසා ඇත්තේ ණය මුදලක් ලබා ගැනීමට ගොස් ප්‍රමා ද වූ බවත් මේ ගැන කිසිවෙකුට හෝ නොපවසන ලෙසත්ය.
හිඟුරානේ නවරත්න සමරතුංග
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1926										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1534										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 535										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියා නැති කතගේ ගෙට රිංගූ මාළුකාරයා පැය ගානක් පිට්ටු කාලා