IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සැමියා නැති කතගේ ගෙට රිංගූ පළා බබාට රතිඤ්ඤා දාලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

පැරණි සැප එපා කියා අලු‍ත් සැපයක් සොයා ගොස් අලු‍ත් අත්දැකීමකට පළාත් සභා මන්ත්‍රීවරයකුට මුහුණදීමට සිදුවූ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් වාර්තාවේ.

විවාහක ඔහු සිය නිවෙස ඉදිරිපිට සැමියා විදෙස්ගතව ඇති කාන්තාවකගේ ගෙට රෑට රෑට රිංගුවේ ඇයගේ දුක සැප සොයා බලන්නටය. සැමියා නැති ඇය ඊට විරෝධයක් පළ නොකළේ පුංචි මන්ත්‍රීගේ සොයා බැලීමට ඇය ද එකඟවී සිටි නිසාය.

පුංචි මන්ත්‍රී මේ කාන්තාවගේ නිවෙසට ද රෑට රෑට දුක සැප සොයන්න ගියේ ඇයගේ ද කැමැත්ත ඇතිවය. එසේ යන ඔහු පරණ නිවසට රෑට රෑට නොරිංගුවේ අලු‍ත් නිවසේ කාන්තාවගේ දුක ඔහු හොදින් හඳුනා ගත් නිසාය. ඇයගේ තරුණ කමත් රූපකායත් එයට කදිම හේතු වී තිබිණ.

මේ ගැන දැනගත් පරණ නිවසේ කාන්තාව මේ පුංචි මන්ත්‍රී සමග උරණව සිටියාය. තමාට වාරයක් ආ සැණින් ඔහුගෙන් පළිගැනීමට ඇය මාන බලමින් සිටියාය. ඇය ඒ වෙනුවෙන් නිදී මැරූ වාර අනන්තය.

ඇයගේ වාරය එන්නේ ඔය අතරේදීය. නිදි මැරූ ප්‍රතිඵලය සපල වූ ඇය එදා රෑ ඔහු යාබද නිවසේ කාන්තාවගේ දුක සැප බැලීමට ගෙට රිංගනකම් සිට රතිඤ්ඤා පත්තු කරමින් කෑකෝ ගසමින් ගමේම සෙනඟ පුරවා ගත්තේ යාබද නිවෙසට හොරෙකු පැන්නා යයි කියමිනි.

එම නිවෙස වටකළ ගම්මු නිවසේ දොර ඇරවාගෙන නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී එයින් පුංචි මන්ත්‍රී එළියට ආවේ ගැහි ගැහීය. ඒ වනවිට ඔහුගේ භාර්යාව ද එතන සිටියේ ඔහුට උතුර දකුණ අමතක කරවමිනි. ඒ අවස්ථාවේදීම භාර්යාව කාන්තාවගේ නිවෙසට පැන ඇයට තැලු‍වේ පසු දිනම දරුවන් සමග මහ ගෙදරට යන බව පවසමිනි.



අදහස් (0)

සැමියා නැති කතගේ ගෙට රිංගූ පළා බබාට රතිඤ්ඤා දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17793 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site