IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සැමියාට සෙත් කවි කී කටින්ම වස්කවිත් කියලා

කරන්දෙණිය  එම්. සුසිල් පි්‍රයන්ත

මිතුරන්ට ඇසෙන සේ සැමියාට සෙත් කවි කිවූ කටින්ම වස්කම් කියූ  අපූරු භාර්යාවක් පිළිබඳ පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් වාර්තා වේ.

කාර්යාලයේ මිතුරන් ඉදිරියේ ඇය සැමියාට අපූරු සෙනෙහසක් පෙන්නුවාය. ඩඩා, බබා, පුතාලාගේ තාත්තා, සුදු මහත්තයා යන නම්වලින් ඇය  මිතුරන් ඉදිරියේ සෙත් කවි කීවාය.

මිතුරන් දුරකතන ඇමතුමක් දුන් විටදී ඩඩා මෙන්න ඔයාට යහළුවෙක් කතා කරනවා කවුද කියලා බලන්න කෝ, මෙන්න සුදු මහත්තයාට අසවල් යහළුවා කතා කරනවා යයි ද කියමින්  ඇමතුමක් ආ විට ඇය සැමියා අමතන්නීය.

ඇය සිය සැමියාට කියන මේ සෙත් කවි කොතරම් අපූරුදැයි  මිතුරෝ ද පැවසූහ. මේ නිසා සිය මිතුරාගේ භාර්යාවට ඔවුන් අතර තිබුණේ ලොකු ගෞරවයකි. ඇය මේ අයගේ හොඳ හිතවතියක්ද වූවාය.

දිනක් ඔහු කාර්යාලයේ රාජකාරි අංශයේ හදිසි රැස්වීමකට ගියේ සිය ජංගම දුරකතනය මිතුරන් අතට පත් කරවමිනි. ඒ රැස්වීම යන අතරතුර ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්  නිසාය.  

එකවරම ඔහුගේ නිවෙසින් දුරකතන ඇමතුමක් ලැබිණ. භාර්යවගේ නම වැටී තිබූ නිසා මිතුරෙකු එයට සම්බන්ධ වූයේ වෙනදාත් මේ නමින් එන දුරකතන ඇමතුම්වලට චකිතයක් නැතිව සම්බන්ධ වන නිසාය. එයට සම්බන්ධවූ සැණින්ම ‘අන්න තොගේ මහ එකා ජරාව හැමතැනම ගාගෙන ඒ මදිවට අර මරුවෝ දෙන්නත් මට වදදෙනවා. ඉන්න මළ දානෙකින් ඉක්මනටම ගෙදර එනවා ඕයි. මට නම් මේ වැඩේ කරන්න බැහැ. තමුසේ ඔහේ ඔපීස් එකේ ගැහැනුත් එක්ක ජෝගි දාගෙන ඇති’ යයි වස් කවි කියන්න පටන් ගත්තේ ඇමතුමට සම්බන්ධ කාර්යාලයීය මිතුරාට මොකුත්ම කියන්න ඉඩක් නොතියාමය. ලද ඉඩෙන් ඔහු ‘ආ මේ මෙයා නේ ද ඔය කතා කරන්නේ’ යයි ඇසූවිට ‘ඇයි තමුසෙ මගේ කටහඬවත් අඳුරන්නේ නැද්ද වාහේ’ යයි කීවේ කන පැළෙන ශබ්දෙන්ය.

‘ආ නංගි මම අසවලා. එයා හදිසි මීටිමකට ගියා ගෙදරින් හදිසි පණිවිඩයක් ආවොත් කියන්න කියලා’ යයි කියනවාත් සමගම දුරකතන ඇමතුම විසන්ධි වූවේ ඉබේටමය. සැමියාට මෙතෙක් කලක් සෙත් කවි කියා ඇත්තේ වස් කවි වහගෙන යන්න බව තේරුම් ගත් මිතුරෝ ‘අනේ අපේ භාර්යාවන් කොතරම් හොඳ දැයි’ කීහ.

 



අදහස් (0)

සැමියාට සෙත් කවි කී කටින්ම වස්කවිත් කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site