ඇය අගහිඟකම්වලින් තොර වත්පොහොසත්කම් ඇති පවුලක දායිකාවකි. විහාරස්ථානයට නිතර යමින් එමින් එහි අඩුපාඩුකම් ද සොයා බැලූවේ සිය සැමියා ද ඊට දායක කර ගනිමිනි. ”මං මේ කරන වැඩවලින් ඔයාටයි ලකුණු ලැබෙන්නේ” ප‍්‍රදේශයේ සුළු දේශපාලන බලයක සිටින සැමියාට ඇය නිතර එසේ කීවාය. සුපුරුදු පරිදි දිනක් ඇය සවස් වරුවේ විහාරස්ථානයට ගියාය. ඒ හිස් අතින් නොවේ. හොඳින් ආවරණය කළ පෙට්ටියක් ද රැගෙනය. විහාරස්ථානයේ ප‍්‍රධාන දොරටුවෙන් ඇතුළු වී බෝ මළුව සමීපයට ගොස් වට පිට බැලූවාය. කිසිවකු පෙනෙන්නට නැත. පෙට්ටිය බෝ මළුවේ තබා සන්සුන්ව පිටවී ගියාය. මේ සියල්ල පුංචි සාමණේර වහන්සේ නමක් දුටුවේය. එය විහාරාධිකාරි හිමියන්ට දැන්වීය. පාර්සලය විවෘත කළේය. ”පොඩිනම! කඩදාසියකුයි පෑනකුයි ගේන්න. අපි උපාසක අම්මට මේ දානයේ ආනිසංස එක්ක මේ පෙට්ටිය ආපහු යවමු” එසේ කියමින් උන්වහන්සේ මෙසේ සටහන් කළහ. ”පින්වතිය ! ඔබ විසින් විහාරස්ථානයට ගෙනැවිත් තැබූ කුඩා බලූ පැටවුන් සිවු දෙනා ඉතා කාරුණිකව බාරගත් බව දැනුම් දෙමි. එහෙත් තවමත් කිරිබොන වයසේ සිටින මේ සතුන් ඔවුන්ගේ මවගෙන් ඈත්කොට තැබීම මහත් අකුසලකර්මයකි. එබැවින් මෙම දානමය වස්තුව නැවත බාර ගෙන කිරිබොන වයස ගෙවී ගිය පසු විහාරස්ථානයට ගෙනැවිත් භාරදෙන්න”
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියාට ලකුණු දෙන්න ගිය බිරියට හොඳ පාඩමක්
Pemadasa Monday, 16 January 2012 07:09 PM
මේක බොහොම පරනකතාවක්,මමත් දැන් වයසක කෙනෙක්. මේ කතාව මම කියෙව්වෙ "දවස" පත්තරෙන්. කෙසේවෙතත් මතකයට නැගුවාට ස්තුති.
හේමමාල් Monday, 16 January 2012 07:29 PM
ලොකු හමුදුරුවො කරල තියෙන්නේ හොඳ වැඩේ. ඔය ලොකු නොනල වැඩි දෙනෙක් පින් දහම් කරන්නේ ලකුණු දා ගන්න තමයි.