හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
සැමියාගේ යතුරු පැදියට පෙට්‍රල් ලබාගැනීමට දිනපතා ඉන්ධන පෝලිමට ගිය රූමත් බිරිය පිරවුම් හල් සේවකයෙකු සමග පැනගිය කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.

සැමියා දිනපතා සේවයට යන අතර බිරිය නිවසේ කටයුතු කරමින් සිටියාය. මොවුහු දෙදෙනා ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇති කරගත් සම්බන්ධතාවකින් පසුව දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වූහ.
සැමියා තැන්පත් පුද්ගලයෙකු විය. කඩවසම් පෙනුමක් ඇති කාන්තාව දැඩි කෙළිලොල් බවකින් යුතු තැනැත්තියක් වූවාය. දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරන අවස්ථාවේදි කාන්තාව විසින් යතුරු පැදිය පදවන අතර සැමියා පසුපසින් ඉදගෙන යයි.
සැමියා රැකියාවට යන එන අවස්ථාවලදි නගරයේ බස් නැවතුමට යාම ඇගේ දෛනික රාජකාරියක්ද විය.
ඉන්ධන හිඟයක් ඇතිවීම නිසා යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටීමට බිරියට සිදුවිය. යතුරුපැදියට තෙල් ලබා ගැනීමේ දී පොම්පක්රියාකරුට කුමක් හෝ පවසමින් ඔහුගේ අවධානය දිනාගැනීමට ඇය සමත්වූවාය. පොම්පකරුගේ දුරකතන අංක හුවමාරු කරගත් දෙදෙනා කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් අනියම් පෙමකට යොමු වූයේ නොදැනුවත්ව ම ය.
සුපුරුදු පරිදි සැමියා බස් නැවතුමට රැගෙන පැමිණි ඇය සිය අනියම් පෙම්වතා සමග වෙනත් කූඩුවක් තැනීමට නික්ම ගියාය. සවස ගෙදර එන වෙලාවට බස් නැවතුමට පැමිණ සිටින බිරිය නොදුටු සැමියා පුදුමයට පත්විය. ඇමතුමක් ලබාගත්තද දුරකතනය විසන්ධි කර තිබුණි.
දස අතේ කල්පනා කරමින් ත්‍රිරෝද රථයකින් නිවසට යන විට නිවසේ දොර වසා තිබූණි. නැවත ඇමතුමක් ගැනීමට උත්සාහ ගන්නා විට බිරියගෙන් කෙටි පණිවිඩයක් ලැබුණු අතර ‘මම ෂෙඩ් එකේ අයියා සමග යනවා, මම ගැන සොයන්න එපා. ඔයා සතුටින් ඉන්න.’ යනුවෙන් සඳහන්ව තිබුණි.
දස අතේ කල්පනා කළ සැමියා නීතිය ඉදිරියට ගියේය. බිරිද හා අනියම් සැමියාද කැඳවූ නිලධාරින් දෙදෙනා එකතු කරන්නට කොතෙකුත් උත්සාහ දැරුවද එය නිෂ්ඵල විය. ‘මම මෙයා සමග හරිම සතුටින් ඉන්නවා’ යැයි පවසමින් පොම්පකරුගේ යතුරුපැදියේ නැගී පිටව යන බිරිඳ දෙස බලමින් සුසුම් හෙළු සැමියා කඳුළු පිරි දෙනෙතින් යුතුව පොලිසියෙන් පිටව ගියේය.
2025 නොවැම්බර් මස 04
76
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමියාට බායි කියා බිරිය තෙල් පොම්පකරු එක්ක පැන ගිහින්