IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සැමියගෙ ​ෆෝන් එකට කතක් ඇවිත්

සිය සැමියාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ  ගබඩා කොට තිබූ රූමත් කාන්තා රුවක් ඇතුළත් දුරකතන අංකයක් නිසා අලු‍ත් වෙලා තිබූ පැරණි මිතුදම නැවතත් පරණවීමට ගිය අපූරු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
   ඔහු සහේට ගෙන තිබුණේ නොම්මර එකේ බඩු කෑල්ලකි. ඇය කුමක් හෝ අරඹයා සැමියාට වදදෙන එකේ සීමාවක් නොතිබිණ. සැමියා පිළිබඳ සැකය ඒ අතරින් ප්‍රධානය. පළමු තැනය. මහ පාරේ දෙන්නා එකට ගමන් බිමන් යනවිට දී දන්නා හඳුනන ලඳක් කතා කළොත් හමාරය. කතා කිරීම නොව සිනාසුණත් ඇයට ඒත් ඇතිය. අඩු තරමින් නිවසේ සිටිනා විටදී ඔහුගේ ජංගම දුරකතනයට කාන්තාවක බැරිවෙලාවත් ඇමතුවොත් ඉතිං ඔහුට දෙවියන්ගේම පිහිටය.
සැමියාගේ ජංගම දුරකතනය සෝදිසි මෙහෙයුමේ සිටියදී රූමත් කාන්තා රුවක් ඉදිරියේ කාන්තා නමක් යයි සිතිය හැකි නමක් ගබඩාවී තිබිණ. බිරිය දුම්මල වරම අතට ගත්තාය. සිය ජංගම දුරකතනයෙන් සැමියාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ගබඩා කොට තිබූ අංකයට දුරකතන ඇමතුමක් ගත්තාය. එහා කෙළවරින් ඇසුණේ ලතාවකට කතා කරන නාරිලතාවකගේ කටහඬය. ඒ සමගම ඇය යක්ෂාරූඩ වූවාය. ඔහේ කවුද. හරි කතාවක්නේ මගේ පෝන් එකට කෝල් එකක් අරන් මෙහේම අහන ඔහේ කවුද ඇය ඇසුවාය.


මම කවුරුවුණත් කමක් නැහැ ඔහේ මේ මොන සක්කර වට්ටමක් ද කියනවකෝ. එහා කෙළවරේ කෙනාගේද සීමාව ඉක්මවා ගියාය. යකෝ හරි කෝලමක්නේ මට සක්කර වට්ටමක් කියන තමුසේ මොන ගෑනියෙක්ද ඕයි. ඔව් මම ගෑනියෙක් තමයි. එක මිනිහෙක් ඉන්න ගෑනියෙක්. තමුසේ වගේ අනුන්ගේ ගෑනුන්ගේ මිනිස්සු දපනේ දාගන්න ගෑනියෙක් නෙමෙයි. වැරදි කර කර තව කතා කරන්නත් එනවා. මේ ආකාරයට දෙන්නා නවත්වන පාටක් ද නැත. අනන්‍යතාවය පසෙක තබා ඒ වනවිට දෙන්නාම ජංගම දුරකතනයෙන් කෙහෙවලු‍ පටලගෙන හමාරය. ඒ පැටලිල්ලේ හැටියට දෙන්නට දෙන්නා ළඟ සිටියේ නම් මේ වනවිට දෙන්නාගෙන් අයෙක් රෝහලේය. අනෙකා කූඩුවේය.
එදා නිවාඩු දිනයක් නිසා කඩ පිලට ගොස් එනවිට සිය භාර්යාව දුරකතනයෙන් කාවහරි කාන්තාවක එක්ක කෙහෙවලු‍ පටලගෙන ඇති බව අත්දැකීමෙන්ම ඔහුට දුර තියාම අවබෝධ විය. හනි හනිකට නිවසට පැමිණ ඇයගෙන් බැනුම් අහගෙනම කාරණය විමසන්න ගිය තැනේදී සිය භාර්යාව වලිගෙ පාගාගෙන හමාර බව දැනගත්තේය.
ඔය මගේ පරණ යහලු‍වෙක්ගේ නොම්මරයක්. කාලයකින් තමයි ඔහු හම්බ වුනේ. එයාගේ නම ප්‍රභාත්. අපි එදා ඉඳං එයාට කිව්වේ පබා කියලා. මේ එයාගේ නොම්මරය. මේ එයාගේ බිරිඳගේ පොටෝ එක.
ඇයට කාරණය අවබෝධ කරන විට ඔහුට පරණ මිතු දමට තිත තියන්න සිදුවූයේ ඒ වනවිටත් සිය භාර්යාවගේ චරිතය ඝාතනය කොට ඇත්තේ තමාගේ පරණ මිතුරාගේ භාර්යාව බව එහා කෙළවරින් ඇමතුමට සම්බන්ධ වූ පාර්ශවය දැනගත් නිසාලු‍.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

සැමියගෙ ​ෆෝන් එකට කතක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 566 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17374 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site