(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකරන ස්ථානයක සැක කටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් ඉකුත් 17 අලුයම අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අලුයම දෙකට පමණ කාන්තාවක් නිවස ඉදිකරන ස්ථානයේ ගසකට මුවා වී සිටිනු දුටු නිවසේ හිමියා සොරකමේ පැමිණි කාන්තාවක් බව සිතා අසල්වාසීන් අවදි කරවා ගෙන පොල්ලක් රැගෙන පහර දීමට සූදානම්ව කාන්තාව අසලට යාමේදී ජංගම දුරකථනයෙන් මුහුණ පෙන්වමින් පැවැසූ දෙයින් පොල්ලෙන් පහර දීම මඳකට නවතා එම කාන්තාවට සවන් දී ඇතැයි පොලිසිය කියයි.
ඇය පානදුර පදිංචිකාරියක් බවත්, සැමියා වෙනත් කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වන බව මීට ටික දිනකට ඉහත දී දැන ගැනීමට ලැබුණු බැවින් ඉකුත්දා 16 සවස මුහුදු යන බව පවසා නිවසින් පිට වී ගිය සැමියා බණ්ඩාරගම වැල්මිල්ල මෙම නිවසේ සිටින බවට තම ජංගම දුරකථනයේ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කළ බැවින් ඔහුව සහ අනියම් බිරිඳ අතට අල්ලා ගැනීම සඳහා කුලියට ලබා ගත් ත්‍රීරෝද රථයකින් රාත්‍රියේ පැමිණ නිවස අසලට වී සිටින බවත් ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකාර කාන්තාව පොලිසිය වෙත රැගෙන යාමෙන් පැය පහකට ආසන්න කාලයක් ඇය රඳවාගෙන සිදු කළ ප්‍රකාශයේ සත්‍යතාවන් අනාවරණය කර ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය පවසයි.
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැමියාගේ හොර අල්ලන්න මහ රෑ මග රැක්ක බිරියට පොලිසි යන්නත් වෙලා