කොරෝනා නීති කඩකරමින් තමන්ගේ නිවසේ සැමියාගේ මිතුරන් සෙට්වීම නතර කිරීමට ඔහුගේ භාර්යාව පල නොකියා පලා බෙදූ පුවතක් දකුණේ කොනේ ගමකින් වාර්තා වේ.
ආරක්ෂක අංශවල අවධානයට නතු නොවූ දකුණේ කොනේ ගම්මානයකි. ගමේ තුන් හතරදෙනෙකු සිය හිතවතකුගේ නිවසේ සෑමදාම පාහේ සෙට් වනුයේ කොරෝනා ඇඳිරි නීතිය නිසා රැකියාවට යාමට නොහැකි වූ තනිකම මකා ගැනීමටත් එක්කය.
නිවෙස් හිමියාගේ භාර්‍යාව මෙයට තදින්ම විරුද්ධ වූවාය. එහෙත් එය සැමියාට පැවසීම හැර සිය නිවසට එන අයට ඒ පිළිබඳව තම විරෝධය පළ කිරීමට නොහැකිවූයේ සැමියා ගමේ සභාවට ඉදිරියේ දී ඡන්දය ඉල්ලීමට අපේක්ෂාවෙන් සිටි නිසාය. ඔවුන් තරහ කර ගැනීම නුවණට හුරු නොවේ. මේ කොරෝනා මර්දන නීති කඩන සිය සැමියාට ඇතුළු නඩය නිවසට රොක්වීම නතර කිරීමට ඇය දිවා රැයේ උපායක් කල්පනා කළාය. සැමියාට නොදැනෙන්නට ජාම් බේරා ගැනීමේ උප්පරවැට්ටියක් බිරිඳ ගේ කල්පනාවට එන්නේ මේ අතරවාරයේය.
මේ අයට සෙට්වීමට කට ගැස්ම සෑමදාම සෑදීමට සිදුවූයේ ඇයටය. ඒ ඔස්සේ ඇය සිය උපාය ක්‍රියාත්මක කළාය.
ඇය සෑදු කට ගැස්ම ගත් සැමියාට සහ පිරිසට බඩ බුරුල් වීමට දැනුණේ ඇඟ ද අප්‍රාණික කරවමිනි. මෙය දින කිහිපයක්ම දිගට සිදුවූ නිසා මිතුරෝ ඔහුගේ නිවසේ සෙට්වීම මග හැරියෝය. ඔවුන් සිතුවේ මිතුරාගේ නිවසේ වතුරවල ප්‍රශ්නයක් නිසා මෙසේ වන්නට ඇතැයි කියාය.
නිවෙස් හිමියා සිතුවේ මිතුරන් සෙට්වීමට රැගෙන එන ගමේ බඩු නිසා තමන්ට මෙසේ සිදූවූ බවය. එහෙත් භාර්‍යාව තමන්ගේ උපාය ඉටුවීම පිළිබඳව සිය සැමියා දැනුම්වත් කළේ ඇයගේ බඩ විරේකයට ගෙනා බෙහෙත් බෝතලයේ ඉතිරි ටිකෙන් තමන් ප්‍රයෝජනයක් ගත් බව කියමින්ය.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සැමියගේ ‘සෙට්වීමට’ කට්ට ගහන්න බිරිඳගෙන් ‘කටගැස්මක්’