IMG-LOGO

සැමියාගේ යාළුවා බිරිඳගේ සාරිය උඩ හෝටලයක් දාලා

මගුල් ගෙදරක යාමට ගෙනා සාරිය සැමියා සෝදන්නට ගොස් සිදු වූ අකරතැබ්බයක් නිසා බිරිඳට මංගල උත්සවයට සහභාගිවීමට නොහැකිවීමේ පුවතක් මහව නගරය අවටින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.

ඇය රාජ්‍ය ආයතනයක සේවිකාවකි. තම පවුලේ ඥාති දියණියකගේ මංගල උත්සවය සඳහා ඇය වටිනා ඉස්තරම් වර්ගයේ සාරියක් මිල දී ගෙනාවාය. එය මසා හැඩකර පැත්තකින් තැබුවේ උත්සවයට ඇඳගෙන යාමටය.

ඇය සේවයට ගිය අතරවාරයේ ගෙදරට පැමිණි කණ්ඩායමක්  මත් වතුර සාජ්ජයකට එක්ව සතුටු වෙන අතරවාරයේ පැමිණි හිතවතකු වෙරිමර ගාතේ ඇඳේ නිදා ගැනීමෙන් අනතුරුව වමනය දමා ඇත්තේ ඇය සකසා තිබූ සාරිය මතටය.

වහ වහා ඇය එන්නට මත්තෙන් සැමියා හා හිතවතුන් එක්ව සාරිය සෝදා මිරිකා අව්වේ වනා තිබුණේ වේලා ගැනීමටය.

ඒ අතරතුර ඇය සේවය නිමවී නිවසට පැමිණියාය. සාරිය වනා තිබෙන අයුරු දැක ඒ ගැන කරුණු විමසුවාය.


කුරුල්ලෙක් සාරියේ පහරලා. මම පස්සේ සාරිය සේදුවා. සැමියා පිළිතුරු දුන්නේය. ඒ සමගම ඇය  විලාප දිදී හඬා වැළපුනාය.
ඒ ශබ්දය ඇසී අසල්වැසියෝ ද පැමිණියහ.


“අනේ මේ බලන්න සාරිය සෝදලා ඒක මිරිකලා. ඒකේ මල් ඔක්කොම හේදිලා ගිහිල්ලා. මේක මගුල් ගෙදරක තියා පාරක නිකම්වත් අඳින්න පුළුවන් ද” යනුවෙන් ඇය තොරතෝංචියක් නැතිව කියවන්නට වූවාය.


පසු දින මගුල් උත්සවය නිසා සාරියක් මිලදී ගත්තත් එය මසා ගැනීමට තැනක් නැත.


එය වටහාගත් ඇය යන කෙනෙක් මගුලේ යන්න කියා සාරිය තව තවත් ගුලිකර ගෙයි මුල්ලකට විසිකර දැමුවාය.


පවුලේ සියල්ලෝ මංගල ගමනට පසුදින සහභාගි වී ඇතත් ඇයට අත් වූ ඉරණම වටහා ගත් සැමියා ද පසුදින මංගල ගමන වර්ජනය කළේය.

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

 



අදහස් (0)

සැමියාගේ යාළුවා බිරිඳගේ සාරිය උඩ හෝටලයක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site