IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැමියාගේ මුඛවාඩම අස්සෙන් පැන්නූ බීඩියෙන් බිරිඳගේ සාරියේ ගින්නක්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පවතින තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු වුවත් පොලිස් නිලධාරීන් දැක සෞඛ්‍ය ක්‍රම අනුගමනය කිරීමට ගොස් තම බිරියට වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් යාපහු පුරවරයේ ගමකින් අසන්ටන ලැබුණි.


සිද්ධිය මෙසේය.


 සැමියා හා බිරිය යතුරුපැදියකින් ගමනක් යාමට සූද‌ානම් වූහ. පවතින තත්ත්වය නිසා දෙදෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අවනතව මුව ආවරණ පැළඳ ගත්හ. අතුරු මාවත් නිසා ටික දුරක් ගිය සැමියා මුව ආවරණය නිකට ආවරණයක් බවට පත් කළේය.


 යතුරුපැදිය මහ මඟ නැවැත්වූ සැමියා සාක්කුවේ තිබූ බීඩියක් එළියට ගෙන දල්වා ගත්තේය.


ඉන් අනතුරුව බිරිය පිටුපස අසුනේ වාඩි වී සිටියදී සැමියා යතුරුපැදිය පදවන්නට වූයේ බීඩියේ ආතල් එකද විඳිමිනි.


ඉදිරියට යමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් පිටුපසින් එන අයුරු ඔහුගේ නෙත ගැටුණි.


වහා බීඩිය වීසිකර හෙල්මටය අතරින් නිකටට තබා තිබූ මුව ආවරණය පළඳා ඔහු සුපුරුදු ගමන යමින් සිටියේය.


නිමේෂයකින් බිරිය විලාප දුන්නේ ඇයගේ සිල්ක් සාරිය පිච්චෙන බව පවසමින්ය.


වහා යතුරුපැදිය නැවැත්වූ සැමියා සාරිය පරීක්ෂා කිරීමේදී එය ගිනි ගන්නා බව දැක වහා නිවා දැමීය. ඒ වනවිටත් සාරිය පමණක් නොව යට සායේ කොටසක් ද පිළිස්සී තිබුණි.


 පොලිසියෙන් බේරෙන්නට වීසි කළ බීඩි කොටය වීසි නොවී සාරියේ පැටලීමෙන් මෙම විපැත්තිය සිදුවී ඇති බව වටහා ගත් බිරියට එතැන් සිට යක්ෂයා ආරූඪ වුණාලු.

 



අදහස් (0)

සැමියාගේ මුඛවාඩම අස්සෙන් පැන්නූ බීඩියෙන් බිරිඳගේ සාරියේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site