IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සැමියාගේ බෑගයේ කාන්තා යට ඇඳුම දුටු බිරියගෙන් සබ්බුවක්

 තම මිතුරාට කළ විහිළු තමාට පත්තුවී තම බිරිඳගෙන් හොඳ සම්බුවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳව වාර්තාවේ.

සිද්ධිය මෙසේය. ඔවුන් පුද්ගලික ආයතනයක වැඩ කළ සේවකයන් පිරිසකි. ඔවුන් මිතුරන් වූ අතර දිනක් එක් මිතුරෙකුට විහිළුවක් කිරීමට ඔවුහු කතිකා කර ගත්හ. ඒ මිතුරාගේ බිරිඳ තරමක් සැර ගැහැණියකි. ඔවුන් කතිකා කර ගත් පිරිදි කාන්තා යට ඇඳුමක් මිතුරාගේ බෑගයට දමා ඇත. මෙය අහම්බෙන් දුටු මිතුරා වහා ඔවුන් පිටව ගිය පසු යට ඇඳුම බෑගයට දැමූ මිතුරාගේ බෑගයට දමා ඇත. හවස වැඩ ඇරී ගිය පසු යට ඇඳුම සහිත බෑගය ගෙන ගෙදර ගිය අනෙක් මිතුරා තම කාමරයට ගොස් ඇඳුම් මාරුකර බිරිඳට තේ එකක් ගෙන එන ලෙස පවසා තම බෑගය අස් කිරීමේ දී මිතුරාට දැමූ යට ඇඳුම තම බෑගයේ තිබෙන දුටු ඔහුට දොලෝ රත්විය. මේ අතර බිරිඳ කාමරයට තේ රැගෙන පැමිණි අතර වහා ඔහු යට ඇඳුම පිටිපස්සට කරගෙන සිටි අතර ‘‘අද හුඟක් මහන්සි වෙලා වගේ මෙන්න තේ එක’’ යයි පවසා සැමියට තේ එක දුන්න ද තේ එක නොගෙන සැමියා ඇඹරෙන දුටු බිරිඳ සැක සිතා සැමියගේ අත පරීක්‍ෂා කිරීමේදී පිටිපස සඟවා සිටි කාන්තා යට ඇඳුම හසුවී ඇත. ‘‘ආ ගොඩක් මහන්සිවෙලා තියෙන්නේ මේකටද මනුස්සයෝ’’ කියමින් පහර දීමට පටන්ගෙන ඇත.



අදහස් (0)

සැමියාගේ බෑගයේ කාන්තා යට ඇඳුම දුටු බිරියගෙන් සබ්බුවක්

බමුණු Sunday, 27 December 2015 11:11 AM

මේවා ප්‍රයෝගික විහිළු කියවා බලා විනෝද වෙනවා හැර වෙන කිව යුතු දෙයක් නැත. බිරිද ඇත්ත දැනගත්තම එයාටත් සිනහ යාවි. (බ)

:       0       0

හේෂාන් Monday, 28 December 2015 04:19 AM

මේවා ඇස් රතුවෙන විහිළු (නි)

:       0       0

දුල්මි Tuesday, 29 December 2015 10:19 AM

මේ පුවතේ පිරිමි පාර්ශවයේ සටකපට වැඩ පිටබැද්දර ජයාට පෙනෙන්නෙ නැහැ. පැනලා විවේචනය බවලතුන් ගැන! (නි)

:       0       0

සුරනි Tuesday, 29 December 2015 10:19 AM

කාන්තාවන්ගේ වැරැද්දක් කියන්න බැරිවුණොත් අපේ එක පාඨක භවතෙකුට හිතට හරිම අමාරුයි (නි)

:       0       0

අබරන් Sunday, 27 December 2015 12:53 PM

දැන් නම් මිනිහට කියන්න තියෙන්නේ එන්රික්ස් ගේ සංගීත සංදර්ශනේ බලන්න ගියා කියලා.ගොඩේ ගොඩ...(බ)

:       0       0

ජයමිණි Tuesday, 29 December 2015 04:59 AM

නහයෙන් අඩ අඩ ඉන්න අය ඉතින් ගෑනු උදවියගේ වැරදිම තමයි හොයන්නේ.ගෑණු උදවිය නැත්නම් තේත් නෑ මෙගොල්ලන්ට.(ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 28 December 2015 01:19 PM

කාන්තාවන්ගේ හැටි ඔහොම තමයි කිසි විමර්ශනයක් නැහැ (බ)

:       0       0

රොකී Sunday, 27 December 2015 02:52 PM

මිනිහා ගායකයෙක් වෙන්න ඇති. මිනිහා ගායනා කරපු බයිලා වලට වසඟ වෙලා කෙල්ල ඕක තෑගි කරන්න ඇති. කලබල වෙන්න එපා. ඕක ඇතුලේ වෙන මොකක් වත් තිබුනේ නැහැනේ! (බ)

:       0       0

වෙලේ විදානේ, Sunday, 27 December 2015 05:52 AM

මේවා විහිළු නෙමෙ. (ර)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 29 December 2015 12:22 PM

ඔය වගේ විහිළුවක් දරාගන්න බැරි ගැහැණියකගෙන් මට නම් වැඩක් නැත (නි)

:       0       0

කාන්ති Tuesday, 29 December 2015 12:38 PM

බමුණුආරච්චි, දරාගන්න පුලුවන්ද බලන්න කලින් මේක විහිළුවක් කියලා නෝනා දැනගන්න ඕනෑනේ. අනෙක කට ඇරලා සිදුවුණ දේ මේකයි කියන්නේ නැතුව මහිලාවක් වගේ ඇඹරෙන පිරිමිකමෙනුත් වැඩක් නැහැ තමයි. (නි)

:       0       0

යවනාඩ් Saturday, 26 December 2015 02:33 AM

හොඳ වෙලාවට අපේ බවලතුන්ට ඔහොම විහිළු මිතුරියන්ට කරන්න නොහිතෙන්නේ. (නි)

:       0       0

ඩිලාන් Monday, 28 December 2015 07:34 AM

අපේ කාර්යාලයේ එකේ ඉන්න කෙනෙක් තව කෙනෙක්ගේ බැග් එකට හිස් අරක්කු බෝතලයක් දාලා එයාගේ බිරිඳ දැකලා ලොකු අවුලක් වුණා.මේක කියපු ගමන් මට මතක් වුණේ එක. (ම)

:       0       0

ජයරත්න Saturday, 26 December 2015 02:51 AM

මේක නම් විහිළුවක් වෙන්න පුලුවන්. නමුත් මෙවැනි මානසික රෝගයකුත් තිබෙනවා. එනිසා විහිළුවටවත් මෙවැනි දේ කිරීම අනුමත කළ නොහැකියි. (නි)

:       0       0

සිල්වි Sunday, 27 December 2015 06:10 PM

සමහවිට ඕව පව්ල් කඩන විහිළු . විහිළු කරනවානම් කරන්න ඕන තමන්ගේ යහළුවට මිසක් යහළුවාගේ පව්ලට නෙමේ (රේ).

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 29 December 2015 02:01 PM

ගැහැණු යට ඇඳුම් සමඟ සෙල්ලම් නොකළ යුතු බව අමතක නොකරන්න (නි)

:       0       0

චන්න Saturday, 26 December 2015 07:28 AM

අනුන්ට කල දේ තමන්ට. (ස)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 28 December 2015 06:49 PM

මේක අර එදා බටහිර එන්රික්ගේ සංගීත සංදර්ශනයේ ඉතිරි කොටස වෙන්න ඇති. අර තනපටය ගළවලා ඔහු දිහාට විසිකරද්දී ඒකේ අනිත් කෑල්ල වෙන්න ඇති යාළුවා ඇහිඳගෙන බෑගයේ දැම්මේ.... (නි)

:       0       0

නන්දලාල් Monday, 28 December 2015 07:05 PM

සිය බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් ඇයට තෑගි කිරීම සඳහා ගෙනා මෙම කාන්තා යට ඇඳුම, ඇයට " නිල වශයෙන් " තෑගි කිරීමට පෙර මේ බවලතා දැකපු නිසානේ මේ හුටපටය ඇතිවුණේ. (නි)

:       0       0

රත්නායක Sunday, 27 December 2015 09:45 AM

ඉතින්... තේ එක තනි අතින් ගන්න බැරිද ...? (ර)

:       0       0

සේරම් පැරිස් Monday, 28 December 2015 10:30 PM

සැමියාට තිබුනේ ඒ කාන්තා යට ඇඳුම එවෙලේ පුදුම කරවන්න ගෙනා තෑග්ගක් සේ තම බිරිඳට දෙන්නයි. එහෙම වුණා නම් ගුටිකන්න වෙන්න නැහැ (නි)

:       0       0

ජෙහාන් Saturday, 26 December 2015 09:52 AM

හොඳ වෙලාවට බවලතුන්ට ඔහොම විහිළු තමන්ගේ මිතුරියන්ට කරන්න හිතෙන්නේ නැහැ. එහෙම වුණොත් මුළු ලංකාවේම පිරිමි එළියේ රෙදි වනලා හමාරයි (නි)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 26 December 2015 10:35 AM

මේවා ඇස් රතුවෙන විහිළු. එච්චර හොඳ දේවල් නෙමෙයි (නි)

:       0       0

මනෝජ් Saturday, 26 December 2015 10:55 AM

හංගන්න ගිහිල්ලනේ වැඩේ වැරදිලා තියෙන්නේ. පෙර වැරදි නැත්නම් ඇත්ත තත්වය බිරිඳට කියන්න තිබුනා. (නි)

:       0       0

කස්තුරිආරච්චි Tuesday, 29 December 2015 12:38 AM

මෙයා නම් චණ්ඩි රැජිනක් වගෙයි (නි)

:       0       0

සුපුන් Saturday, 26 December 2015 11:07 AM

හොඳ වැඩේ (නි)

:       0       0

තුෂාරී Tuesday, 29 December 2015 12:38 AM

මොනම දේකටවත් අත උස්සා සැමියෙකුට පහරදෙන කාන්තාවන්ගේ පහත් ක්‍රියාව අනුමත කරන්න බැහැ. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කර වැදගත් විදිහට විසඳාගන්නේ නැතුව ගහගන්න යන්නේ ඇයි? (නි)

:       0       0

විල්සන් Tuesday, 29 December 2015 04:38 PM

යට ඇඳුම් එක්ක ඇස් රතුවෙන විහිළු හොඳ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 308 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 617 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 294 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 805 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 889 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 697 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 832 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1255 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site