IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැමියාගේ පැතුමට එරෙහිව බිරියත් පොල් ගහලා

එකම නිවසේ වෙසෙනා මේ අඹු-සැමි දෙපළ ඉකුත් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පක්ෂ දෙකකටය. බිරිය සහයෝගය දැක්වූ පක්ෂය ජයග්‍රහණය කර රජයක් පිහිටුවිය.

සැමියා ඡන්දය දුන් අපේක්ෂකයා පාර්ලිමේන්තුවට පිවිසියත් ඔහු විපක්ෂයේ අසුන් ගත්තේය. විපක්ෂයේ උදවිය දේවාල කරා ගොස් කරන පොල් ගැසීම්වලට තම සැමියා වරක් ගොස් ඇති බව බිරියට කණින් කොනින් ආරංචි විය. මෙයට කුමක් කළ යුතුදැයි කල්පනා කළ ඇය වරු තුනක් මස් මාංශ අනුභවයෙන් වැළකුණි. නා පිරිසිදු වී දේවාලයකට ගියේ පොල් ගෙඩියක් ද රැගෙනය. ‘අනේ දෙවියනි, මගේ මනුස්සයා දේවාල ගානේ ගිහින් රජයට විරුද්ධව පොල් ගහනවා. එයා ඉල්ලන දේ ඉෂ්ට කර දෙන්න එපා කියලයි මම මේ පොල් ගෙඩිය ගහන්නේ” කියූ ඇය පොල් ගෙඩිය වේගයෙන් පොළවේ ගැසුවාය. පොල් ගෙඩිය දෙකට මැදින් බිඳිණි. ඇය ඉමහත් සතුටට පත් වූවාය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උප නගරයකින් වාර්තා විය.

ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය.



අදහස් (0)

සැමියාගේ පැතුමට එරෙහිව බිරියත් පොල් ගහලා

පිටිගල Sunday, 20 March 2016 03:07 AM

රස්සාව කරන එක නවත්තලා පොල් අක්කර පහක් අරගත්තා නම් ගොඩ වගෙයි. තව අවුරුදු පහක් පොල් ඩිමාන්ඩ්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site