IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැමියාගේ ගමන් මල්ලේ අල්ලපු ගෙදර යට සායක්

(උණවටුන ඩී.ජී. සුගතපාල) 
ගාල්ල නගරය ආසන්නයේ උපනගරයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිඳ සහ දරුවන් දෙදෙනා බැලීමට නිවසට එන ඔහු පැණි රස කෑමක් ගෙන එන්නට අමතක නොකළේය. ඒ බිරිඳ පැණි රස කෑමට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනා පැණි රස කෑම සෙවීමද බිරිඳගේ සිරිතය. 


කොවිඩ් 19 හේතුවෙන් පසුගිය දිනවල බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය නිසා ඔහුට මසක පමණ කාලයක් නිවසට ඒමට නොහැකි විය. ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ඔහු නිවසට පැමිණයේය. ඔහු එන බව දැන ගත් බිරිඳ සහ දරුවෝ මහත් සොම්නසට පත්වූහ. කොළඹ සිට බසයෙන් පැමිණි ඔහු හන්දියෙන් බැස  ත්‍රිරෝද රථයක නැගී ගෙදර ගියේය. ඔහු එනතුරු බිරිඳ සහ දරුවන් උළුවස්ස උඩය. 


ගත වූ මාසය සැමියාටත් බිරිඳටත් දරුවන්ටත් කල්පයක් තරම් විය. නිවසට පැමිණෙන විටම දෑත් සෝදා ගැනීමට බිරිඳ සියලු කටයුතු සූදානම් කර තිබිණි. කොළඹ සිට පැමිණෙන නිසා විශේෂයෙන් ඇය ඒ ගැන සැලකිලිමත් වූවාය. දෑත් සෝදාගෙන නිවසට පැමිණීමෙන් පසු සියල්ලෝම එකි නෙකා බදාගනිමින් සතුටු වූහ. 


ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ඇඟසෝදා ගැනීමටය. ඒ නිසා ඔහු නාන කාමරයට වැදුණේය. මේ අතර බිරිඳ ඔහුගේ ගමන් මල්ල අවුස්සන්න වූවාය. එහි එක සාක්කුවක තිබී ඇයට හමුවූයේ පැණි රස කෑමක් නොව ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවූ දෙයකි. එහි තිබුණේ කාන්තාවකගේ යට සායකි. එය අතට ගත් ඇයට ඉවසුම් නැති විය. 


ඒ සමගම යාබද නිවසේ පදිංචි ඥාති සොහොයුරිය දිව ආවාය. අක්කේ අයියා ආවද? ඥාති සොහොයුරිය ඇසුවාය. ආව තමයි ඇයි නංගි මොකද? බිරිඳගේ කට හඬේ තිබුණේ ශෝකය හා කෝපය මුසු ස්වරයකි. 


අක්කේ අයියා එදා ඉල්ලගෙන ගිය බෑග් එකේ මගේ යට සායක් ඇති බලන්න ඒක තියෙනවද කියලා. ඥාති සොහොයුරියගේ කීම සැබෑවක් බව ඇයට වැටහුණේ එවිටය. ඔහුගේ ගමන් මල්ල අබලන් වීම නිසා එදා කොළඹ යද්දී යාබද නිවසේ ඥාති සොහොයුරියගේ ගමන් මල්ල ඉල්ලා ගෙන ගිය බව ඇයට මතක් විය. 


හා තිබුණ තමයි ඇය කීවාය. ඒ සමගම ඇඟ පිස දමමින් සැමියා එනු දුටු ඇයගේ සැකය හා කෝපය පහව ගොස් මුවට නැගුණේ සිනාවකි. මාර වැඩේ තමයි. ඔය සාය දැකල වැඩ පලේ යාලුවොත් මට හිනා වුණා. ඔහු සිනාසෙමින් කීවේය. 


මේ තව පොඩ්ඩෙන් මාර වැඩේ තමයි වෙන්නේ. කියමින් ඇය සැමියාට උණු තේ එකක් ගෙනැවිත් දුන්නාය. පවුල් ආරවුලක් වැලකී ගියේ නූලෙනි.



අදහස් (1)

සැමියාගේ ගමන් මල්ලේ අල්ලපු ගෙදර යට සායක්

amila Saturday, 14 November 2020 08:47 AM

අල්ලපු ගෙදර කාන්තාවට ඒක කලින් කියන්න තිබුණනේ. ඇයි එදාම කිව්වේ.. ?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site