IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැමියාගේ කපටි නුවණට බිරීද අහුවෙලා

අනියම් ඇසුරක් පැවැත්වූ විවාහක පුද්ගලයකුගේ තැනට සුදුසු නුවණ පිළිබඳ අපූරු කතාවක් වැව් බැඳී රජරටින් දැනගැනීමට ලැබුණි. 
එම අපූරු කතාව මෙසේය. 
ඔහු සැබැවින්ම සල්ලාල ගති පැවතුම් ඇත්තෙකි. යන යන තැන කාන්තාවන් සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම ඔහුගේ ජීවිතයේ එක් අංගයක් බවට පත් වී තිබුණි. ඔහුගේ බිරිඳ මේ සියල්ල දැන සිටියත්, ඇයට ඔහුගේ එකම හොර වැඩක්වත් අතට අල්ලා ගැනීමට නොහැකි වූයේ ඔහු ගල් ආඳෙකු නිසාය.
ඔවුන්ගේ ගමට අල්ලපු ගමේ කාන්තාවක සමග මේ තැනැත්තා අනියම් ඇසුරක් පවත්වන බව ගම පුරාම පැතිරී තිබුණි. එහෙත් ඔහු එම ගමට කිසිම දවසක ගොස් නොමැති බව බිරිඳ දනී. තම සැමියා සමග රාත්‍රිය ගත කරන බිරිඳ ඔහු රාත්‍රී කාලයේ නම් කොහේවත් නොයන බව සැකහැර දන්නා කරුණකි. 
එහෙත් ගම පුරා පැතිරී ඇති මෙම අනියම් සම්බන්ධය අතට අල්ලා ගන්නේ කෙසේදැයි බිරිඳ දහඅතේ කල්පනා කරමින් සිටියාය. 
තම සැමියා රාත්‍රී කාලයේ බයිසිකලයෙන් අල්ලපු ගමට හොර රහසේ යන බව ගම පුරා පැතිරී තිබුණු කටකතාවකි. ග්‍රාමීය ප්‍රදේශයක් වූ ඔවුන්ගේ ගමේ පාර අලු‍තින් බොරළු දමා සකස් කර තිබුණි. එදින යාන්තමට අඳුර වැටුණු සැඳෑවක සැමියා කඩේට යෑම සඳහා බයිසිකලයේ නැගී බිරිඳ බලා සිටියදීම බයිසිකලය පැදගෙන ගියේය. 


සැමියා  ගිය පසු බිරිඳ නිවසට නොගොස් ඉදිකඩුල්ල ළඟ මල් පඳුරට මුවා වී සිටියාය. කළුවරේ වුවද තම සැමියා එන හඬ පාරට අලු‍ත දැමූ බොරලූ සද්දයෙන් ඇයට හඳුනාගත හැකිය. 
විනාඩි කිහිපයක් ගත විය. බිරිඳ කළුවරේ පාර දෙසට තම දෑස් දල්වාගෙන සිටියාය. එවිට ඇය දුටුවේ ඈතින් කළු කැටයක්  අවතාර ගමනින් බයිසිකලයක් කර තබාගෙන හෙමින් හෙමින් පියවර මාරු කරමින් තම නිවස ඉදිරිපිටින් ගමන්  කරන තැනැත්තෙකි.
බිරිඳ කලබල නොවී ඉතාම සෝදිසියෙන් මෙම දර්ශනය විපරම් කර බැලූවාය. ටක්කෙටම මේ ඇයගේ සැමියා බව ඇයට වැටහුණි. ඇය යක්ෂණියක් සේ පාර මැදට පැන ‘‘කොහෙද මිනිහෝ මේ බයිසිකලයක් කරේ තියාගෙන යන්නේ”‍ යැයි විමසුවාය. 
සැමියා බයිසිකලය බිම තබා මහ හයියෙන් සිනාසුනේය. 
‘‘ඕන්න බලන්න මම අද තමයි දැනගත්තේ ඔයාගේ ආදරේ තරම. මේ ගමේ එක එකාලා කියන කතා ඔයා විශ්වාස කරන්න එපා. මම ගැන තියෙන සැකය දුරුකරන්න තමයි මම මේ විදියට හොර ගමනක් යන විදියට ආවෙ. මම අල්ලපු ගමට යන්නේ නෑ. මට ඕන වුණේ මෙහෙම ගිහිල්ලා ඔයාලා මම ගැන හොයන හෙවිල්ල නතර කරලා දමන්නයි. හා හා දැන් යමු දැන් යමු”‍. කියමින් ඇයගේ කරට අත දමාගෙන නිවසට පැමිණියේය.
මාස ගණනාවක් යනතුරු එම ගමේ උදවියට මේ සිද්ධිය සතුටු සාමීචියේ යෙදෙන්නට හොඳ අතුරුපසක් වූ බව දැනගන්නට ලැබුණි.

 කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අදහස් (0)

සැමියාගේ කපටි නුවණට බිරීද අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site