IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සමාජ සේවකගේ උපකාරය ඔළුවට කඩා වැටිලා

රෝහලක අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමයක් සාදා දුන් සමාජ සේවකයකුට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් සම්බන්ධ පුවතක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අසන්නට ලැබිණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්නයේ පිහිටි ප්‍රධානතම රෝහලකි. එහි දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් රෝහලට අවශ්‍ය නොවන ද්‍රව්‍ය රාශියක් ගොඩ ගැසී තිබිණි. එක්තරා වැඩබලන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ අනුදැනුම පරිදි රෝහල පිරිසිදු කිරීමට රෝහල් කාර්යය මණ්ඩලයට නියෝග ලැබුණි.


දීර්ඝ කාලයක සිට එකතු වු ගඩොල් කැබලි, ඉවත ලන උළු, පස් ආදී ද්‍රව්‍ය රෝහල් භූමියේ ගොඩගසා තබා ගැනීම අනවශ්‍ය කාරණයකැයි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා තීරණය කළේය. එහෙත් ගැටලුවක් වූයේ ඒවා ඉවතලන්නේ කුමන ස්ථානයකට යන්නයි.


රෝහලේ ශ්‍රමදානය පවතිද්දි එතැනට ආවේ සමාජ සේවා කටයුතු කරන අයෙකි. ඔහු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාත් රෝහලේ කාර්යය මණ්ඩලයත් හොඳින් හඳුනන්නෙකි. වෛද්‍ය අධිකාරිවරයා පත්ව ඇති ගැටලුවට ඔහු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වූයේ සැනෙකිණි. එනම් ඉවතලන පස් ගඩොල් සහ උළු කැබලි තමන්ගේ නිවෙස පිහිටි පෞද්ගලික ඉඩමට ගෙනවිත් දමා ගන්නට පොරොන්දු වෙමිනි. රෝහලේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි සමාජ සේවකයාගේ නිවෙස පිහිටි ඉඩමට ඉවතලන ද්‍රව්‍ය ගෙනැවිත් දමන්නට ඔවුහු සාකච්ඡා කර ගත්හ.


ඉවතලන අපද්‍රව්‍ය ට්‍රැක්ටරයක පටවාගෙන රෝහල් සේවකයෝ සමාජ සේවකයාගේ දැනුම්දීම පරිදි ඔහුගේ නිවෙසට ගොස් ඒවා ඔහුගේ ඉඩමට ගෙනැවිත් දැමූහ. තවත් අපද්‍රව්‍ය ගෙනෙන අදහසින් ඔවුහු නැවතත් රෝහල වෙතට ගියහ.


ස්වල්ප වේලාවකින් සමාජ සේවකයා ඔහුගේ නිවෙසට ආවේය. දුටු දෙයින් ඔහුගේ යකා ඇවිස්සිණි. පස් උළු සහ ගඩොල් වෙනුවට තමන්ගේ ඉඩමට ඔවුන් ගෙනැවිත් දමා තිබුණේ සායනික අපද්‍රව්‍ය, ගෝස් කැබලි, සිලින්ජර කටු, වීදුරු, බෝතල් සහ ඉඳුල් වූ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකි. ඔහු වෛද්‍ය අධිකාරිවරයාට දුරකථනයෙන් ඇමතුමක් දී සිද්ධිය කීවේය. ඔහුටද කරකියා ගන්නට දෙයක් නැත. උදව් උපකාර කරන්නට ඉදිරිපත් වූ පුද්ගලයාට වරදක් සිදුවී ඇත. අනෙක් අපද්‍රව්‍ය ට්‍රැක්ටරය රෝහලේම නවතා තබාගන්නට ඔහුට සිදුවිය.


උපකාරයක් කරන්නට ගොස් සමාජ සේවකයාට සිදුවූයේ එදින දවස පුරා භූමිතෙල් දමමින් සායනික අපද්‍රව්‍ය පුළුස්සා දමන්නටය. ඔහුට බිරියගෙන්ද බැනුම් කෝටියකි. 
(සිටිනාමළුව අනීෂා මානගේ)



අදහස් (0)

සමාජ සේවකගේ උපකාරය ඔළුවට කඩා වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site