IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සභාපති එළවන්න ආ ප්‍රා.සභා මන්ත්‍රීට නියම ගේමක් දීලා

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
ප්‍රාදේශීය සභාවට පත් කිරීමට නියමිත සභාපතිවරයකුට එරෙහිව ගෙන ඒමට නියමිත දෝෂාභියෝගයට සහයෝගය ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු සොයා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවීමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය.

වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.

සිද්ධියට අදාළ ප්‍රාදේශීය සභාවේ වැඩි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්පත් කරගෙන ඇත. ඒ අනුව එහි සභාපති ධුරය හිටපු සභාපතිවරයාට ලබාදීමට සියල්ල සූදානම් බවට තොරතුරු අනාවරණය විය. එම ධුරය ඔහුට දීමට එරෙහිව කටයුතු කිරීමට එම පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල පක්ෂ විපක්ෂ සාම සාකච්ඡා පවත්වමින් යන බවටත් එයට සහාය දීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද සැදී පැහැදී සිටින බවටත් තොරතුරු හෙළි විය.

ඒ අනුව එකී වෑයම තව තවත් සාර්ථක කරගැනීම සඳහා එම පක්ෂයේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරයකු ඉකුත්දා එජාප කාර්යාලයට ගොඩ වී ඇත්තේ එහි සිටි එජාප මන්ත්‍රීවරයාගේ සහයෝගය ද අපේක්ෂාවෙනි. විරුද්ධ පාක්ෂිකයා තම පක්ෂ කාර්යාලයට පැමිධෑම සුහදව පිළිගෙන ඔහු කාර්යාලය තුළ සිටියදී එජාප මන්ත්‍රීවරයා ප්‍රධාන මාවතට පිවිස අසල වෙළෙඳ සල් හිමියන් හා අවට පිරිස් වහා කැඳවා පොහොට්ටුවේ මන්ත්‍රීවරයා තම පක්ෂයේ සාමාජිකත්වය ගැනීම කතා කිරීමට කාර්යාලයට ගොඩ වී ඉන්නා බවට රැස්වූවන්ට ඇසෙන්නට හඬ නගා ඇත. එන පොට වැරදුන බව දැනගත් මන්ත්‍රීවරයා සභාපතිවරයා එළවීමේ සාකච්ඡා පසෙක තබා තමාට එල්ල වෙන ආපදාවලින් මිදෙන්නට පිටුපස දොරෙන් පලාගිය බවට එහි සිටි පිරිස් අප සමග පැවසීය.



අදහස් (2)

සභාපති එළවන්න ආ ප්‍රා.සභා මන්ත්‍රීට නියම ගේමක් දීලා

rocky Friday, 23 March 2018 02:00 PM

යොදා ගෙන ඇති චිත්‍රය බොහොම අගය කරමි.

:       0       55

tommy Monday, 26 March 2018 10:52 AM

මේ පින්තූරයේ සරමට පහළින් පෙනෙන්නේ අමුඩයද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site