IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සුපිරි කඩෙන් එළවළු අරන් හීංදාඩිය දාලා

(දූනගහ - බටේපොළ විජයසිරි)
ගමේ කටකාර අයකු පසුගිය දිනක නගරයට ගොස් ආපසු එන අතරතුර සුපිරි වෙළෙඳසලකට ගොස් එහි ප්‍රදර්ශනය කර තිබූ මිල ගණන් දැක අසල්වාසීන්ටත් එළවළු ගැනීමෙන් පසු දුන් බිල දැක තරු පෙනුණු පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් වාර්තා වෙයි.


මෙම තරුණයා නගරයට ආ කරුණ ඉටු කරගෙන කාලය ඉතිරිව ඇති බැවින් සුපිරි වෙළඳසලකට ගොඩ වූයේ නිවෙසට අවශ්‍ය දේද රැගෙන යාමේ අදහසිනි.


සුපිරි වෙළෙඳසලේ එළවළු මිල දුටු ඔහුට පුදුම සතුටක් හට ගත්තේය.


“ගෝවා රුපියල් අටයි. ලීක්ස් රුපියල් 12යි. කැරට් රුපියල් 15යි.”


ඔහුට පුදුම හිතුණේය. ගමේ කඬේ ගෝවා රුපියල් හැටකි. ලීක්ස් අසූවකි. කැරට් එකසිය දහයකි.


ඔහු එළවළු කිලෝ දෙක බැගින් කිරා දෙන්නැයි වෙළෙඳ සේවකයකුට පැවැසීය.


වෙළෙඳ සේවකයා එළවළු පාර්සලය සාදා කවුන්ටරයට යොමු කළේය. කවුන්ටරයෙන් බිල්පත නිකුත් විය.


ඔහු එළවළු කිලෝ දෙක බැගින් මිලයට ගත්තේ අහළ පහළ ගෙවල්වලටද බෙදා දෙන අදහසිනි.


“ටවුමේ එළවළු ලාබයි.” කීමටද ඔහුට වුවමනා විය.


ඔහුට බිල්පත ලැබුණේය. එහි රුපියල් 700ක් සටහන්ව තිබිණි.


ඔහුට හීන් දහඩිය දැම්මේය. ඔහු වෙළෙඳසලේ බෝඞ් එක දෙස නැවත බැලුවේය.


ගෝවා - 100ක් රුපියල් 8යි. ලීක්ස් 100ක් රුපියල් 12යි. කැරට් 100ක් රුපියල් 15.00යි. ඔහුට ඇස් පෙණුනේ එවිටය.


ලැජ්ජාව නිසා ඔහු මුදල් ගෙවා එළවළු පාර්සලය අතට ගත්තේය.


ඔහු ටවුමේ එළවළු ලාබයි කියා ගමට ගොස් නොකීවත් සිදුවූ කලබැගෑනිය පසුදා වන විට ගමටම ආරංචි වී තිබිණි.



අදහස් (9)

සුපිරි කඩෙන් එළවළු අරන් හීංදාඩිය දාලා

himal Monday, 29 July 2019 07:32 AM

මේක විහිළුවක් නෙවෙයි. මිනිසුන්ව නොමඟ යැවීමේ මිල ක්‍රමයක්...

:       0       61

apeksha Monday, 29 July 2019 07:59 AM

ඕක ඔයතරම් දෙයක් නෙමේ. මේවගේ දේවල් නිතරම සිදුවෙනවා.

:       2       53

sampath Monday, 29 July 2019 09:56 AM

මේක පාරිභෝගිකයා නොමග යවන ආකාරයෙන් මිල ප්‍රදර්ශනය කිරීම කියන වරදට වැටෙනවා. පාරිභෝගික අධිකාරියට දැනුම් දීලා මේ ගැන නීතිමය පියවර ගත හැකි මෙලෙස පාරිභෝගිකයා නොමග යවන ලෙස මිල ප්‍රදර්ශනය නීති විරෝධී ක්‍රියාවක්...

:       0       99

de silva Monday, 29 July 2019 12:09 PM

අනිවාර්යයෙන්ම මේක පාරිභෝගිකයා නොමග යැවීමක්..., කරුණාකර කිලෝ එකක මිල සඳහන් කරන්න නියම කරන්න...

:       0       47

දිමුත්Tuesday, 30 July 2019 05:34 AM

ඔව්. එයයි සිදුකල යුත්තේ

:       0       9

ගැටබුවා Tuesday, 30 July 2019 10:02 AM

පිළියන්දලත් මේ වගේ වැඩක් උනා.

:       0       3

Vishva Tuesday, 30 July 2019 10:07 AM

සුපිරි වෙළදසැල් වල කොහොමත් මිල ප්‍රදර්ශනය කරන්නේ මේ ක්‍රමයට තමයි, නිතර යන එන අය ඒ බව දැනගෙන කටයුතු කලත්, මුලින්ම යන කෙනෙක්ට මේ දේ සිද්ධවෙන සම්භාවිතාව ඉහලයි. 500g හෝ 1kg ක මිල සදහන් කිරීම වඩාත් ප්‍රායෝගිකයි.

:       0       1

gmarala Wednesday, 31 July 2019 04:45 PM

ප්‍රමිතියක් නොමැති වෙළඳාම ගැන වෙළඳ අමාත්‍යාංශය වග කිවයුතුයි. මිල ගණන් විවිධ ආකාරයෙන් සඳහන් වෙනවා යන්න සතොසට... එ්කේ තියෙන්නේ ග්රෑම් 250ක්... පොළට යන්න එහි තියෙන්නේ ග්රෑම් 500ක්... මෙය හරි ප්‍රශ්නයක්. පරිභෝගිකයාට හිතාගන්න බැහැ.. කොච්චරක් ගන්නවද මිල කොච්චරද කියලා.

:       0       1

චමින්ද Thursday, 01 August 2019 01:36 AM

සුපිරි වෙළඳසැල් කළමණාකරුවන් පාරිභොගිකයා සූරා කෑමට මෙම උපක්‍රමය කරනවා. එහෙම කරන්නේ කිසිවෙකුත් ග්‍රෑම් සියයක් නොගන්නා බව දැනගෙනයි. මොවුන් සමහර දෙයක මිල එකක් දක්වා කැෂියර් ලඟ වැඩි මිළක් දක්වනවා. පාරිභෝගිකයා අමාරුවේ වැටෙනවා. අධිකාරියේ අය නිදිද කියලත් වෙලාවකට හිතෙනවා. ඇමතිතුමාවත් ඇහැරුනොත් හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site