IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සෙනසුරා මාරුවෙලා: සැමියා පැය 4 ක් ගෙයි හිරවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
සෙනසුරු මාරුව අද දහවල් 12.30 ට යන දැන්වීම පෙරේදා (30) උදෑසනම රූපවාහිනි නාළිකාවක ප්‍රචාරය වීමත් සමගම ස්වාමි පුරුෂයකු පැය හතරක් බිරියගේ නිවාස අඩස්සියේ සිටි අපූරු පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ. 


ඔහුගේ ජීවනෝපාය වූයේ ධීවර රැකියාවයි. මේ නිසාම ඔහු සිය රැකියාව සඳහා පෙරේදා (30) උදෑසන අම්බලන්ගොඩ ධීවර වරායට ගියේ එහෙයිනි. මේ අතර නිවසේ වැඩපළේ යෙදී සිටි ඔහුගේ භාර්යාවට රූපවාහිනි නාළිකාවක ප්‍රචාරය වූ සෙනසුරු මාරුව අද 12.30ට යන ප්‍රකාශය අසන්නට ලැබුණි. ඒ සමගම කලබල වූ ඇය රැකියාවට ගිය සැමියාට දුරකථන ඇමතුමක් දුන්නේ හදිසියක් වහාම ගෙදර එන ලෙස කියමින්ය. මේ කිසිත් නොදත් ඔහු හනි හනිකට නිවසට ආවේ හදිසිය මොකක්ද යන්න පිළිබඳව සොයා බැලීමටය. 


ඔහු නිවසට පැමිණි පසු භාර්යාව සිය නිවසේ දොරගුළු දා යතුරු සියල්ලම අතට ගත්තාය. මෙයින් අන්දුන්කුන්දුන් වූ ඔහු මේ මොකදැයි ඇසුවේ කවදාවත්ම මෙහෙම දෙයක් මින් පෙර නොවූ නිසාය. මොකද මේ කියා ඔහු සිය භාර්යාවගෙන් ඇසුවේය. ඒ සමගම කට හඬ අවදි කළ ඇය කීවේ අද 12.30ට සෙනසුරු මාරුවක් තියෙනවා. ඔයාටත් සෙනසුරුනේ තියෙන්නේ. ඒකනිසා ඔයා 2.30 වෙනකම්ම ගෙයින් එළියට බහින්න එපා කියාය. සිය රැකියාව අතරමග දමා ආ නිසා එහි කටයුතු නිමා කිරීමට ඔහුට යාමට අවශ්‍ය වුවත් සිය භාර්යාව නිවසේ දොර යතුරු දමා තිබූ නිසා එය නොහැකි විය. 


දහවල් 12.30ට ඔහු සිය නිවසේ රූපවාහිනිය දැමුවේ මේ කියූ සෙනසුරු මාරුව පිළිබඳව පැවසූ නාළිකාවෙන් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමක් කරාවි යන අදහසින්ය. නාළිකාවෙන් ඒ අවස්ථාවේ දී ප්‍රචාරය වූවේ සෙනසුරු මාරුව යන නමින් හැඳින්වූ චිත්‍රපටයකි. 


ඔහුට දෙවියන් බුදුන් සිහි වුණේ එවිටය. යළිත් අම්බලන්ගොඩ ධීවර වරායට ආ ඔහු තමන්ට සිදුවූ දේ කීවේ රැකියාව අතරමග දමා යෑමට හේතුව සිය මිතුරන්ට පවසමින්ය. 

 



අදහස් (0)

සෙනසුරා මාරුවෙලා: සැමියා පැය 4 ක් ගෙයි හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site