IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සන්නාලියකුගෙන් මනාලයාට අපූරු මංගල ඇඳුමක්

(වියලුව වාර්තාකරු)

තම මංගල දිනයේ දී හැඩ වැඩවීම සඳහා මනාළ මහතකුට පාසල් නිල ඇඳුමක් දුන් සන්නාලියකු පිළිබඳ පුවතකි මේ.

සිද්දියෙන් අපහසුතාවට පත් මනමාල මහතා විසින්ම පැවසූ අන්දමට සිද්ධිය මෙසේය. ඔහු ආරක්ෂක සේවයක නිරත තරුණයෙකි. සිය මංගල දිනයට දින නියම කර ගත්තද නිවාඩු ලබා ගැනීමේ අපහසුතාව නිසා මංගල්‍යයේ බොහෝ කටයුතු සිදුකරනු ලැබුවේ තමුන් ලද කෙටි විවේකයේදීය. මංගල දිනයේදී ඇඳීමට අවශ්‍ය ඇඳුම නිර්මාණය කිරීම හෙතෙම නගරයේ හිතවත් ඇඳුම් මසන්නකුට දුන්නේ දන්නා කලක සිටම ඔහු කෙරෙහි ගොඩනගාගෙන තිබූ දැඩි විශ්වාසය නිසාය.

මංගල දිනයට දිනක් පමණ ඉතිරිව තිබියදී නිවාඩු ලබා පැමිධෑ හෙතෙම ඇඳුම් මසන්නා හමුවී ඔහුගේ සියලු ගෙවීම්ද අවසන් කර ඔහු සකස් කර දුන් මංගල ඇඳුමද රැගෙන නිවෙසට ගියේ එය දිගහැර පරික්ෂා කරන්නට තරම් විවේකයක් නොමැති කමටත් වඩා ඇඳුම් මසන්නාගේ වැඩ ගැන ගොඩනගාගෙන තිබූ දැඩි විශ්වාසය නිසාය. මංගල දිනයේ උදෑසනින්ම මංගල ඇඳුම් අසුරා තිබූ බෑගය අතට ගෙන එහි වූ ඇඳුම් කට්ටලය කඩිමුඩියේම පිටතට ගත්තේය. ඔහුගේ යක්ෂයා ආරූඩ වූවේ තමුන්ගේ මංගල ඇඳුම වෙනුවට එහි තිබූ සුදුපැහැති පාසල් නිල ඇඳුමක් දැකීමෙනි. දුරකතනය අතට ගත් හෙතෙම ඇඳුම් මසන්නාට පමණක් නොව ඔහුගේ මව ද යහමින් මතක් කර දුන්නේ මනමාල පාර්ශ්වයේ සෙසු පිරිසගේ බාධා කිරීම්ද නොසලකා හරිමිනි. අවසානයේ දී නගරයේ වෙළඳසලකට ගොස් තමන්ට ගැළපෙන ඇඳුමක් මිලදී ගෙන පැය දෙකක පමණ ප්‍රමාදයකින් ඔවුහු මංගල ගමන පිටත් විය.



අදහස් (1)

සන්නාලියකුගෙන් මනාලයාට අපූරු මංගල ඇඳුමක්

Kumari Thursday, 19 September 2019 06:49 AM

සමහර මනමාලයන්ට ගැලපෙන්නේ පාසල් නිලඇඳුම තමයි.

:       13       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site