IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සාධාරණය සොයා පොලිසි ගියාම පැමිණිල්ල විත්තිය වෙලා

(තිහගොඩ - උපසේන ලියනගම)
තමාට සිදුවූ මුදල් වංචාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ කාන්තාවක් පැමිණිලිකරු වෙනුවට විත්තිකාරිය වීමේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක වූ පොලිස් ස්ථානයකිනි.


ඇය කුඩා දරුවන් බලා ගැනීම සඳහා මසකට රුපියල් විසි පන් දහසක් ගෙවීමේ පොරොන්දුව මත ගමේ නිවසක වැඩ කළත් මාස දෙකක් ගත වුවද කිසිදු මුදලක් ලැබුණෙත් නැත. මේ පිළිබඳව වූ කතා බහ දුරදිග ගියෙන් ගැටුමක් ඇති වී ඇය පොලිසියට ගියේ සාධාරණය ඉටු කර ගැනීමටය.


ඇයගේ පැමිණිල්ල ලිවීමට ගිය පොලිස් නිලධාරියා ඇගේ නම ගම තොරතුරු විමසූවිට ඒ නමට විරුද්ධව කලින් දිනයේ පැමිණිල්ලක් ලියැවුණ බව සිහිපත් වී ඒ ගැන සොයා බැලුවේය.


පැමිණිලි පොතේ සඳහන් වූයේ ඇය ළමයින් බලා ගැනීමට නිවසට ආවත් දරුවන්ට දරුණු විදියට පහර දෙන නිසා මේ ගැන විමසා බලන ලෙසටය.


‘‘හත් දෙයියනේ, අමූලික බොරු සර් කී ඇය තමා පොලිසියට යන බව කී නිසා ඇය ඊට පෙර පැමිණ මේ බොරු පැමිණිල්ල දමා ඇති බව කීවත් දෙදෙනාගේම පැමිණිලි ඉක්මනින් විභාග කරන බව පොලිස් නිලධාරියා කීවාලු'

 



අදහස් (0)

සාධාරණය සොයා පොලිසි ගියාම පැමිණිල්ල විත්තිය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site