
(පස්ගොඩ - තිලක් එච්. ගමගේ)
ඔහු බූරුවා කපන්නෙකි. බූරුවා කුට්ටමේ කොළ 52ම පිළිබඳව මනා අවබෝධයක් ඇති ඔහු ‘ඕමි’ ගසන්නට ද රුසියෙකි.
මළ ගෙවල් සොය සොයා යන ඔහු “සූදු කෙළියෙන්” අත මිට සරු කරගත් පුද්ගලයෙකු බව පැවසේ. ඔහුට බූරුවා ගසන්නට ඇත්නම් ගේ දොර පවා අමතක වන බව කියති.
ගම් ප්‍රදේශයේ පමණක් නොව ඈත දුර පළාත්වල ද සිටින “සූදු අන්තුවන්” බොහෝ දෙනෙකු ඔහුගේ මිතුරන් විය.
හිටි හැටියේ අපූරු අදහසක් ඔහුගේ ඔලුවට ආයේය.
ඒ බූරුවා ගැස්සවීමටය.
ඔහුගේ ඉඩමේ ඇති ගෙය මේ සඳහා භාවිත කළ හැකි බව ඔහුට හැඟිණ. අහල පහළ ගෙවල් දොරවල් නැති නිසා මෙහි බාධාවක් නැත. ආරක්ෂාද සහිතය. පොලිසියට හෝ ඉව වැටීමට ඉඩක් නැත.
දිනක් ඔහු දන්නා හඳුනන සූදුකරුවන්ට මේ සඳහා ආරාධනා කළේය. වැඬේ සාර්ථක විය.
සතියට දින දෙකක් හෝ තුනක් ඈත දුර සිට පවා එන කස්ටර්මර්ස්ලාගෙන් පිරී පැවතිණ. රුපියල් පන්දහසක අවමයක් සූදු කෙළින්නා සතු විය යුතු බව ඔහුගේ නීතියක් විය.
සූදු කෙළිද්දී තෝම් බෝතලය ද සල්ලිවලින් පිරී පැවතිණි. මෙසේ මාස දෙක තුනක් ඉක්ම ගියේය.
දිනක් රාත්‍රියේ සූදුව පවතිද්දී හදිසියේම දොරට තට්ටු කරන හඬින් සියල්ලෝම තිගැස්සුනහ.
“දොර අරිනවා අපි පොලිසියෙන්” එසේ කියා දොරට පා පහරවල් කීපයක් වැදීමෙන් කොහොඹ ලෑලි දොර කැඩී ගියේය. එහි සිටි සියල්ලෝම පිටුපස දොරෙන් “පණ එපා කියා” පැන දිව්වෝය.
බූරුව පිටිය මැද සල්ලි වැහි වැහැලාය. තෝම් බෝතල් තුළ ද සල්ලි බරටම තිබිණි.
පොලිසිය පුද්ගලයින් අල්ලා ගැනීමට වෙහෙසක් දරන බවක් නොපෙනිණ. පිටියේ වූ මුදල් ටික ද තෝම් බෝතල් ද එක්කාසු කර ගත්තෝය.
පසුදාට පහන් විය. ගමේ ලියුම් බෙදන පියුම් මහතා බයිසිකලය ද තල්ලු කරගෙන පාර දිගේ බැණ වදිමින් යනු පෙනුණි. “එලියේ වැලේ වනල තිබුණු මගේ ඇඳුම් සූට් දෙකම උස්සලා. මුන් තියන්න වටින්නෙ නෑ” මට රස්සාවට යන්න විදියක් නෑ. රෙද්දක් වැලේ තියා ගන්න බෑ”
ඊයේ රෑ “අඹ” ගසක වැදී නළල තුවාල වූ සූදු මාස්ටර් ප්‍රතිකාරයක් සඳහා ඩිස්පැන්සරියට යද්දී පියුම් මහතාගේ ප්‍රකාශය අසා සිටියේ කුතුහලයෙනි.
සිදු වී ඇති දේ තේරුම් ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගතනොවීය.
“එහෙනම්, හොරා පොලිස් සෙල්ලමත් මට කළා”
දැඩි කේන්තියක් මෙන්ම බලවත් ලැජ්ජාවක් ද ඇති විය.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සූදු පොළට අපූරු ගේමක් දී සුද්ද කරලා