IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිංදුව අමතක වෙලා ගායකයා තත්පර අමුතු පොතක් දාලා

නගරයක තරුණ කැල සංවිධානය කළ සංගීත ප්‍රසංග යකි. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායමක් එයට සංගීතය සැපයීය. නොමිලේ පැවැත් වූ ප්‍රසංගයට විශාල ජනකායක් සහභාගි වූහ.

ජනප්‍රිය ගායක ගායිකාවන් ගීත ගැයූ මෙම ප්‍රසංගයේදී ආධුනික ගායක ගායිකාවන් කිහිප දෙනෙකුට ද ගීතය බැගින් ගායනා කිරීමට අවස්ථාව සැලසිනි. අවසානයට පැමිණි ආධුනික ශිල්පියා වේග රිද්මයේ ගීතයක් ගායනා කරන ලද අතර, ගායනය අතරමගදී බෆල් වලින් “ඩග් ඩග් ඩග් ඩග්” යනුවෙන් ශබ්දයක් ඇසිනි. ශබ්ද පරිපාලකයින් ඇතුළු සහයකයෝ ක්‍ෂණිකව විදුලි උපාංග පරීක්‍ෂා කරන්නට වූහ. වාදන ශිල්පීහු නොනවත්වාම ගීතයට සංගීතය සැපයීමේ කටයුතු වල යෙදුණාහ.

තත්පර කිහිපයකින් වේදිකාවෙන් බැසගිය ගායන ශිල්පියාව වටකරගත් මිතුරන් “හොඳට සිංදුව කිව්වා. සවුන්ඞ්ස්වල පොඩි අප්සෙට් එකක් ආවා නේද? මිතුරෙක් විමසීය. “සවුන්ඞ්ස්වල අප්සෙට් එකක් නෙමෙයි මචන්, මට සිංදුවේ පද පේළියක් අමතක වුණා. මම මයික් එක කට ළඟට කරලා, ඊළඟ පද පේළියට එනකන් ඩග් ඩග් ඩග් ඩග් ගාලා කටෙන් ශබ්දයක් කරලා ඒක ෂේප් කළා.” ගායකයා සිනාසෙමින් කීය. ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (1)

සිංදුව අමතක වෙලා ගායකයා තත්පර අමුතු පොතක් දාලා

pitigala Thursday, 11 October 2018 02:06 AM

අද ඉන්න නව පරපුරේ කියාගන්න වැඩි හරියකට පුළුවන් ඩග් ! ඩග් විතරයි, දන්නා කෙහෙල්මල් සංගීතයක් නැහැ.

:       1       166

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site