IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සාදයේ ෆොටෝ ගන්න ඇවිත් අම්බානකට කාලා

තැනට සුදුසු විදිහට ක්‍රියා කිරීමට දනිතැයි කී සහායකයා තැනට සුදුසු ආකාරය නියමටම සිදු  කිරීම නිසා ඡායාරූප ශිල්පියාට අබ්බානක් කා රුපියල් දහස් ගණනක් පාඩු වූ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
රාත්‍රියේ හෝටලයක පැවති සාදයකි. අරමුණ දැරියක් වැඩිවියට පත්වීමය. එහි අවස්ථා ඡායාරූපකරණය සඳහා ඡායාරූප ශිල්පියකුට ද ආරාධනා කර තිබිණ. ඒ දහස් ගණනක මුදලකටය.
අයකරන මුදලේ ප්‍රමාණය අනුව සිය ජායාරූපකරණය ඉතා ඉහළින්ම කිරීම සඳහා ඔහු සහයකයකු ද ඊට සහභාගී කරවා ගත්තේය. ඒ එළිය අඩු තැන්වලදී විදුලි ආලෝක පුවරුව ඇල්ලීම වැනි පොඩි පොඩි කාර්යයන් කරවා ගැනීමටය.
ඡායාරූප ශිල්පියාත් සහයකයාත් අදාළ කාර්ය කරගෙන ගියහ. රාත්‍රී කෑම වේල සඳහා ඔවුන්ගේ කාර්‍ය්‍ය මදකට නතර කෙරිණ. ඒ උත්සවයේ සංවිධායකයන්ගේ අනු දැනුම ඇතිවය. කෑමට පෙර ෂොට් එකක් දෙකක් දා ගැනීමට ද ඔවුන් දෙදෙනාටම අවස්ථාව සැලසිණ. මෙහි ආදීනව දන්නා නිසා ඡායාරූප ශිල්පියා ෂොට් එකක් දෙකක් දා ගැනීමෙන් වැළකී සිටියේය. ඒ බඹර පදම්වුවහොත් ආ කාර්යය කර ගැනීමට නොහැකි වන බව ඉවෙන් මෙන් නැතහොත් පෙර සිදු වූදේ මෙනෙහිවීමෙන් දන්නා නිසාය.


සහයකයා මෙතැන දී ඉස්සර වූයේ ඔහුට ඒ සඳහා වැඩි වගකීමක් නැති නිසාය. ඡායාරූප ශිල්පියාත් ඊට ඉඩ දුන්නේ සහයකයා බඹර පදම්වුවත්  ඉදිරියේ දී ඇති කාර්ය ඔහු නැතිව තමාට කර ගත හැකි යයි සිතූ නිසාය. එසේ වුවත් ඔච්චර ගන්න එපා වැඩිවුණොත් ලෙඩක් තමයි යැයි ඡායාරූප ශිල්පියා සහයකයාට පැවසුවේය.


‘‘මම තැනට ඕන විදිහට ඉන්න දන්නවා. භය වෙන්න එපා, යැයි සහයකයා කීවේ තවත් ෂොට් එකක් කටේ හලා ගනිමින් ය. මේ හිදැසෙන් උපරිම ප්‍රයෝජනයට ගත් සහයකයා කෑමට පෙර කෑම නොගන්නා තැනටම ෂොට් දමා ගත්තේය.
සාදයේ ඡායාරූප ගැනීම ආරම්භ වුවත් බඹර පදම්වී සිටින සහයකයා කෙල්ලන් කොල්ලන් නටන තැනට මැදිව නැටුවේය. ඔහුගේ මේ විකාර නැටුම දුටු කොල්ලෝ මෙන්ම කෙල්දලෝද සිනාසූහ. ලස්සන තරුණියක් ද මේ අතර සිටියහ. කරටි කැඩෙන්න ගසා සිටි සහයකයා මේ තරුණියගේ ඇඟේ වැදි වැදි නැටුවේ එයින් ද අමුතුම ආකාරයේ තෘප්තියක් ලබමිනි. තරුණිය තමන්ගේ ඇගේ වැදි වැදි නටන මේ අංකල්ගේ විකාර නැටුම ඉවසා සිටියේ සාමාන්‍යයෙන් නටන විට එවැනි දේ සිදුවීම සාමාන්‍ය යයි සිතාගෙනය.
මෙයින් උද්දාමයට පත්ව බඹර පදම්වී සිටින සහායක අංකල් සිතුවේ මේ තරුණිය තමාට කැමති ඇතැයි සිතාය. එයින් ලොකු ජවයක් සිතට ආ සහායක අංකල් මේ තරුණියගේ ඇගේ දැවටීම ද අතින් පයින් ඇල්ලීම ද ඊට සමානුපාතිකව එන්න එන්නම වැඩිවිය.
ඒ එක්කම සාදය එකම විසාදයක් වූවේය. මෙය නොඉවසූ බමන මතින් සිටි සාදයේ තරුණයන් මෙන්ම වැඩිහිටියන් ද සහායකයාටත් ඔහු ගෙන් වූ ඡායාරූප ශිල්පියාටත් එළවා එළවා ගැසුවේ සාදයේ ඡායාරූපකරණය එතනින්ම හමාර කරමින්ලු‍.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

සාදයේ ෆොටෝ ගන්න ඇවිත් අම්බානකට කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 565 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17366 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site