කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සුද්දා අන්දන්න ගොස් තමන්ම ඇන්දුණු අපේ රටේ කළු සුද්දකු ගැන කතාවක් බලපිටිය මාදු ගඟ අවටින් අසන්නට ලැබේ.
සුද්දා රුසියාවේය. ලංකාවට නිතර ආවගිය අයෙකි. ඒ නිසාම මේ රටේ අස්සක් මුල්ලක් නෑරම ඔහු දැන සිටියේය. ලංකාව ගැන ඉතිරිය දැන ගත්තේ අන්තර් ජාලය හරහාය. මෙදා පාර මේ සුද්දා ආවේ තවත් මිතුරන් පිරිසක් එක්කය. ඒ කණ්ඩායමේ නියමුවා වූවේ ඔහුය.
සුද්දාගෙන් අසාගත් තොරතුරු අනුව මිතුරු පිරිස මාදු ගඟේ සංචාරයකට කැමැත්ත පළ කළහ. ඒ අනුව ඔවුහු මාදු ගඟේ යාමට බලපිටියට පිවිසියහ.
මෝටර් බෝට්ටුවක්ද ඒ සඳහා ලබා ගත්හ. ඒ මුහුණු පොතෙන් මෝටර් බෝට්ටුකරුවකුගේ ලබාගත් දුරකතන අංකයකට අනුවය. සංචාරය සඳහා මෝටර් බෝට්ටුවට ගෙවිය යුතු මුදල සහ ඊට සරිලන යනඑන තැන්ද සුද්දා කතා කර ගත්තේය. සියල්ල සූදානම්ය. කට්ටියම දැන් මාදු ගඟේය.
බෝට්ටුකරු දන්නා පුරසාරම් කියමින් දඟලන්නේ සුද්දන්ගෙන් කීයක් හරි කඩා ගන්නය. ගඟේ සිටිනා කබර ගොයා කිඹුලා කර පෙන්වමින්ද කඩොලාන ශාක දුර්ලභ ඝනයේ රතමිල්ල ශාකය ලෙසින්ද හඳුන්වා දෙමින් මේ හාදයා සුද්දන් ගඟේ එක්ක ගෙන ගියේය. කාලයක් මෙලෙස සුද්දන් සමග ගත කොට ආපසු එන්න හැරුණේය.
බෝට්ටුකරු ආපසු එන බව තේරුම් ගත් සුද්දා ඔහුගෙන් ඇසුවේ අපි කොත්දූව රජ මහා විහාරයට ගියේ නැහැ නේදැයි ඇසුවේය. මේ ගමනාන්තයේ බාගයකටත් වැඩි දුරක් කට්ටියම ඇවිත්ය. බෝට්ටුකරු ඉංග්‍රීසි අකුරු අමුණ අමුණා කීවේ කොත්දූව රජ මහා විහාරයට ගිය බවය. තමන් පෙන්වූ පන්සල කොත්දූව විහාරය බවය.
සුද්දාට ඒ සමගම ආවේ ලොකු තරහකි. නුඹ මගින් හරවලා ඇවිල්ලා තියෙන්නේ. මම මේ ගැන සංචාරක මණ්ඩලය ඇතුළු වගකිවයුත්තන්ට පැමිණිලි කරනවා. ඒ විතරක්ම නෙමෙයි මම මුහුණු පොතෙත් තමුසෙගේ වංචාව ගැන දානවා යයි සුද්දා බෝට්ටුකරුගේ කන් දෙක පිරෙන්නම කීවේය. ඒ විතරක්ම නොව සුද්දා අන්තර් ජාලය හරහා සිය ජංගම දුරකතනයෙන් කොත්දූව රජමහා විහාරස්ථානයේ ඡායාරූප බෝට්ටුකරුට පෙන්වූවේ ඔහුගේ ඉහමොළ රත් කරමිනි.
සුද්දාගෙන් බේරෙන්නම බැරි තැන බෝට්ටුකරු බෝට්ටුව හරවා ගත්තේ කොත්දූව රජමහා වෙහෙර සුද්දාට පෙන්නන්නලු.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුද්දා අන්දන්න ගිහින් තරු පෙනිලා