IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සීට්ටු සල්ලි දෑවැද්දට හිලව්

සබරගමුව පළාතේ ස්ථිර පදිංචියක් ඇති ඔහු අගනුවර ප‍්‍රධාන පෙළේ මෝටර් රථ කොටස් අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික තරුණයෙකි. 

ගම් පළාතේ ධනවත් පවුල් කීපයක් එක්ව පවත්වාගෙන ගිය මුදල් සීට්ටුවකට ඔහු ද සම්බන්ධවී සිටියේය. රුපියල් ලක්‍ෂයක මුදලක් එක්වූ මෙම සීට්ටුවේ සංවිධායකවරයාට මුල්ම සීට්ටු මුදල ලැබුණු අතර ඊළඟ වාරය හිමිවූයේ මේ ව්‍යාපාරික තරුණයාටය. ඔහු තමාට හිමි මුදල ලබාගැනීමට කීප වාරයක්ම සීට්ටු සංවිධායකවරයාගේ නිවසට ගියත් එම මුදල ලැබුණේ නැත.

ඔහු නිවසේ නොසිටි අතර මේ පිළිබඳව කතා කළේ ඔහුගේ බාල දුව ය. ගුරුවරියක වූ ඇය රූමත් ය. තමාට හිමි මුදල ගැනීමට ගිය මේ තරුණයාට ඇය පිළිබඳ විශේෂ ඇල්මක් ඇතිවී එය ආදරයක් බවට පත්වීම නිසා සීට්ටු මුදල ගැනීමට ගියත් කතා කළේ අනාගත වැඩ පිළිවෙළ ගැන ය.

පසුගියදා ඇය සිය පියාට මේ තොරතුරු කී විට පියා ” එහෙනං ඉතිං දෑවැද්දටම සීට්ටුව දෙමු” කීමෙන් ඇගේ ඉහමොළ රත් වුණාලූ.



අදහස් (0)

සීට්ටු සල්ලි දෑවැද්දට හිලව්

සමන්ති Saturday, 26 September 2015 12:42 AM

සීට්ටු දවද්ද දෙන්න තවත් දුවරු ඉන්නවාද ? (අ)

:       0       0

මංජු Saturday, 26 September 2015 12:17 PM

ව්‍යාපාරිකයන් කියන්නේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සත පහකටවත් විශ්වාස කරන්න බැරි උදවිය. මාස් පඩි කාර සාමාන්‍ය කෙනෙක් බැඳ ගන්න එක දාහෙන් සම්පතයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 26 September 2015 01:26 PM

මෙ නරුම පියවරුනුත් ඉන්නවා නේද ?(අ)

:       0       0

චන්දි Monday, 28 September 2015 02:16 PM

ජයා සහෝදරයා.., ඔන්න පාඩමකට ගන්නවා හෙම නොවෙයි (බ)

:       0       0

ජයා Friday, 25 September 2015 09:45 PM

ඕකට අපි නම් කියන්නේ දෑවැද්ද නොවේ, විකිණිම (නි)

:       0       0

සරත් Friday, 25 September 2015 10:07 PM

අහවල් දේකටද දෑවැදි? උගත්කමයි ගුරු වෘත්තියයි තියනවා නම් ඒ මදැයි .... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site