විදේශීය සංචාරකයකු පසුගියදා තම මාර්ගෝපදේශකයා සමඟ පොලොන්නරුව ප‍්‍රදේශයට ගියේ ඓතිහාසික නටබුන් නැරඹීමටය. එහි වූ විවිධ පුරාවස්තු නැරඹූ ඔහු බිම තිබූ අපුරු ගල් කැටයමක් දැක ඒ ගැන විමසීය.ඒ ඉපැරණි කැසිකිළි ගලකි.
මාර්ගෝපදේශකයා කවරාකරයෙන් එය විස්තර කළත් සංචාරකයාට වටහා ගත නොහැකි බව හැඟුන නිසා ඔහු කළේ සරම කොට කරගෙන මුත‍්‍රා කරන ආකාරයට ඒ ගල මතව වාඩිවී සිද්ධිය නිරූපණය කිරීමය.
ඈත සිට මේ සිද්ධිය බලාසිටි පුරාවිද්‍යා ආරක්‍ෂක නිලධාරියකු සිතුවේ ඔහු ඇත්තටම කැසිකිළි ගල අපවිත‍්‍ර කරනු ඇතැයි කියාය.
ඔහු කෑ ගසමින් එම ස්ථානයට දිව එන විට මාර්ගෝපදේශකයාට දෙවියන් සිහිවුණාලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සංචාරකයා අබියස රඟපෑ මාර්ගෝපදේශකට දෙයියෝ සිහිවෙලා
අමල් Tuesday, 01 January 2013 12:58 PM
ඒකනේ අනේ තේරෙන්නේ නැති දේ කියලා දෙන එක කොච්චර හොඳද (ස)
නිල්මිනි Wednesday, 02 January 2013 04:58 AM
එයාට ඉංග්‍රීසි තියා කිසිවක් බැහැ, එයා ගොලුයි වෙන්න ඇති. (නි)
චමල් Wednesday, 02 January 2013 05:24 AM
ටොයිලට් ස්ටෝන් කියලා කිවුවා නම් ඉවරයිනේ. (නි)
සනත් Thursday, 03 January 2013 09:10 AM
ගයිඩ් කෙනෙක් නම් ඕනෑම දෙයක් විස්තර කරන්න දැනගෙන ඉන්න එපැයි. ඉංග්‍රීසිවත් බැරුව ගයිඩ්ලා වෙනකොට වෙන දේ තමා මේ. අපේ රටේ ඉතිහාසය ගැනත් අපූරුවට විස්තර කරලා දෙන්න ඇති... (ස)
මාලක Monday, 07 January 2013 06:29 PM
අන්දන්න ගියේ කවුරුවත් ඇන්දේ කවුරුවත් (දී)
රම්‍යා Tuesday, 01 January 2013 02:23 PM
කොහොමහරි කියලා දෙන්න එපැයි (ස)
අමර Tuesday, 01 January 2013 02:23 PM
නොතේරෙන දේ කොහොම හරි තේරුම් කරේ රටට ආදරේ නිසානේ (ස)
දීපාල් Friday, 04 January 2013 01:26 AM
හැම විදේශිකයාම ඉංග්‍රීසී දන්නේ නැහැ . එයාලට එයාලගේ බසින් තේරුම් කරනකොට සමහර වචන මාර්ගෝපදේශකයා නොදැන සිටීම වෙන්න පුළුවන් දෙයක්. (නි)
සිසිර Friday, 04 January 2013 05:36 AM
අදහස් පළකරන සමහරු හිතන්නේ සියලුම සංචාරකයින් ඉංග්‍රීසි දන්නවා කියලයි. (නි)
සුදේශ් Wednesday, 02 January 2013 12:29 PM
ගලින් තැනූ වැසිකිලියක් (ස)
අනෝමා Wednesday, 02 January 2013 12:41 PM
මේකනම් හිනා යන වැඩක් තමයි ..............(ස)
නිදර්ශනී Tuesday, 01 January 2013 09:20 PM
මග පෙන්නන්නගේ වාසනාවටයි සංචාරකයා වැසිකිලි ගලක් දැක්කෙ..!(නු)
ෂෙරිෆ් Tuesday, 01 January 2013 09:32 PM
හරි පුදුමයි මේ මාර්ගෝපදේශකයාට ඉංග්‍රීසි වචනයක්වත් බැරිද?(නු)
නිදහස් Tuesday, 01 January 2013 09:39 PM
ඔන්න අපේ කෙනෙක් අරාබි රස්සාවකට අරාබි ආවා. හරියට අරාබි දන්නේ නැති මුල් කාලේ දවසක් නගරයේ ඇවිදින කොට තද බල බඩේ අමාරුවක් දැනුණා. ඉතින් කඩේකට ගිහින් වැසිකිළි යන්න ඕනෑ කියලා කියන්න උත්සාහ කළා. ඒත් කඩේ අරාබියාට තේරුණේ නැහැ. බැරිම තැන තමන්ගේ පසු පසට ඇගිල්ල දික්කරලා අභිනයෙන් පෙන්වන්න උත්සාහ කළා. ඒ පාර අරාබියා අපේ යාළුවව කඩේ ඇතුළට අඬගහගෙන ගියා. හදිසියට කලිසමත් බුරුල් කරගෙන යාලුවා වට පිට බලනවා වැසිකිළිය කෝ කියලා. එතකොට යාලුවා දැක්කේ වෙනත් දෙයක්ලු. බයවෙච්ච පාර මරලතෝනි තියාගෙන එළියට දිව්වලු. (නි)
සුදේශ් Wednesday, 02 January 2013 02:01 PM
නියම වැඩක් (ස)
අමල් Tuesday, 08 January 2013 03:14 AM
මට නම් හිතෙන්නේ මේක අපේ දේශපාලකයෙක් තියපු මුල් ගලක් වගේ. (නි)
වරුණ Tuesday, 01 January 2013 12:44 PM
ඒක හොඳ දෙයක්, නොදන්න දෙයක් කියලා දෙන එක හොඳයි (ස)