IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සීඞී තැටියකින් නිදහස් උත්සවය බලන්න ගිහින් ගෙදර නිදහසක් නැතිවෙලා

නිදහස් දින රූපවාහිනිය සමග උරණ වූ පුද්ගලයකු ගැන කතාවකි.  මොනවද මේ පෙන්නන විකාර?
ලංකාවේ නිදහස ගැන පෙන්නුව නම් කොච්චර හොඳ ද මොනව ද මේ ටී.වී. වල පෙන්නන්නේ.
සෙනසුරාදා ඉරිදා දෙකක් දවල් වෙනතුරු නිදා සිට නිදහස් දවසේත් ගෙයි මැද හාන්සි පුටුවේ දිගාවෙමින් සිටියදීම රූපවාහිනිය දෙස බලමින් ඔහු එසේ කීවේ පෙරදින රාත‍්‍රියේ මඳ මත් භාවයෙන්මය.
මේ අනේ කෑ නොගහ ඉන්නවා....ඔහේ නිදහස් දවස ගැන කෑගහන්නේ..... බලනවා ගේ දොරකඩ ජාතික කොඩියක්වත් දාන්න ඔහේට උවමනාවක් තිබ්බ ද?.... මහ ලොකුවට නිදහස දවසේ යුතුකම් ගැන කතා කරනවා.
ඔහුගේ ගෝරනාඩුවට බිරිඳ උත්තර බැන්දේ එලෙසිනි.
අනේ හලෝ තමුසෙලා ඉන්නේ පිච්චර් ලෝකෙනේ. ඉන්දියාවෙන් එන හැම දහ ජරාවක්ම බදාගන්න මෝඩ ගෑනු. මේක නිදහස් දවස එදාට අපිට අපේ දෙයක් පෙන්නන්න  ඕන. මොනවද මේ නිදහසක් ගැන ද පෙන්නන්නේ.... අඩු තරමේ දිනපු ක‍්‍රිකට් මැච් එකක්වත් පෙන්නුවා නම්.....
අනේ මේ නොදන්න දේවල් කතා නොකර ඉන්නවා. ඔහේ මහා ලොකුවට කතා කරන ක‍්‍රිකට් කියන්නේ අපේ රට යටත් කරගෙන හිටිය රටකින් බිහි වෙච්ච එකක්.
ඒත් ඉන්දියාව කියන්නේ අපේ රටට හැදියාව සංස්කෘතිය, සදාචාරය වගේ හැම දෙයක්ම ගොඩනගා ගන්න උපකාර වෙච්ච රටක්. මහත්මාගාන්ධිතුමාගේ දර්ශනය ඔය ක‍්‍රිකට්වලට වඩා මොන තරම් ද.... මිනිහෙකුට තනියම නැගිටින්න ඒවා මොන තරම් වටිනවද?
මුළුතැන්ගෙයි සිටම බිරිඳ එසේ කියද්දී, අනෙක් කාමරයේ සිටි පුතා එතැනට පැමිණියේය.
මොනවද මේ තාත්තා බලන්නේ. අච්චර අපූරුවට නිදහස් උත්සවය පෙන්නද්දි? එසේ කියමින් ඔහු දුරස්ථපාලකයෙන් එතෙක් වෙලා සිය පියා නරඹමින් සිටි සංයුත්ත තැටි යන්ත‍්‍රය විසන්ධි කොට රූපවාහිනී නාලිකාවක් විවර කළේය.
මොනවා මේ මනුස්සයා ඊයේ ? බල බල හිටිය හින්දි සීඞී තැටිය බල බලද ලංකාවෙ රූපවාහිනි නාලිකාවලට බැනල තියෙන්නේ?
බිරිඳ කාමරයෙන් එබී සිනාසුණාය.



අදහස් (0)

සීඞී තැටියකින් නිදහස් උත්සවය බලන්න ගිහින් ගෙදර නිදහසක් නැතිවෙලා

චන්ද්‍රා Tuesday, 12 February 2013 07:18 AM

මොකද මේ උතුර දකුණ පටලවාගන්නේ? යේක ෂරි නැහැ මාත්තියා. (නි)

:       0       0

හිල්මි Wednesday, 06 February 2013 04:40 PM

හින්දි සීඩී තියෙනකල් හොදයි අපිට. (නි)

:       0       0

චාමර Thursday, 07 February 2013 07:14 AM

සිදුවීම වෙච්ච පැත්ත දාල තියෙද්දිත් සමහරු මේක දකුණෙ වුණා කියල කියන එකේ, සිදුවීම වෙච්ච පැත්ත නොදාපු ඒවට මේක දකුණෙ වුණා කියල කියන එකේ පුදුමයක් නැහැ. (නි)

:       0       0

ලලිත්-කටාර් Thursday, 07 February 2013 03:13 PM

කොහොම වුණත් ඒ මනුස්සයා එකක් හරියටම කෙරුවා. (නි)

:       0       0

කුමාර-මැලේෂියාව Friday, 08 February 2013 06:26 AM

සමහර කාන්තාවන් නිසා තමයි ගෙදර ප්‍රශ්න ඇතිවෙන්නේ. මේ ප්‍රශ්න දුර දිග යන්න කලින් පුතා ඒකට මැදිහත් වුනා එකනමි වටිනවා. ගෙදර ප්‍රධානීන් මෙයිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනා.(නදී)

:       0       0

පෙරේරා Thursday, 07 February 2013 09:16 AM

මේක අපේ ටීවී චැනල් වලට හොද පාඩමක්. (නි)

:       0       0

ඩයස් Sunday, 10 February 2013 05:36 AM

ගොඩාක්ම අනේ, ඉන්නේ වල්ගේ පාගගත්තු අයනේ. වැඩේ කියන්නේ මෙයා එයාලා ඒක දන්නේ නැහැනේ. (නි)

:       0       0

සරත් Wednesday, 06 February 2013 02:02 PM

අපිනම් රූපවාහිනිය බලන්නේ නැතෝ (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 06 February 2013 10:09 AM

පිස්සු නැත්නම් හොඳයි. මෙහෙම පණ්ඩිත අය කොතනත් ඉන්නවා (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 06 February 2013 10:12 AM

ඕවා ඉතින් ගෙවල්වල සිද්දවෙන සාමාන්‍ය දේවල්. නමුත් ගෑනු මනුස්සයා මොලෙන් ජීවත් වෙනවා වගේ පේනවා.(නදී)

:       0       0

රිස්වාන් Wednesday, 06 February 2013 03:35 PM

දකුණේ සිදුවීමක් වගේ (ස)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 10:19 AM

පස්සේ බලපු එකත් ඉස්සෙල්ලා CD තැටිය වගේම එකක්නේ (ස)

:       0       0

අමිල Saturday, 09 February 2013 05:45 PM

දකුණේ සිදුවීම් වෙන්නේ පිට පළාත්වලින් ඇවිත් දකුණේ පදිංචි උන අය වැඩි නිසයි.,!(නු)

:       0       0

ලියනගේ Thursday, 07 February 2013 10:38 PM

සමගි සම්පන්න පවුලක් වගෙයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 01:56 PM

කවුද අනේ මේක ලිවු‍වේ? (නි)

:       0       0

වරුණ Wednesday, 06 February 2013 10:43 AM

හොඳ වෙලාවට CD 1 හින්දි වුණෙ. හොලුවුඩ් නොවී (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site