IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංගීතයට වහ වැටිලා කෙල්ලො තුන්දෙනෙක් බසයේ හූ කියලා

(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)

දහ අට වංගුවට ඈතින් පිහිටි ගම්බද ප්‍රදේශයක සිට මහනුවර හරහා කොළඹ ප්‍රදේශය දක්වා දිනපතා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයකි.

මෙම බස් රථය නියමිත වෙලාවට පැමිධෑම හා ගමනාන්තය දක්වා ගමන් ගැනීම හේතුවෙන් කා අතරත් ජනප්‍රිය බස් රථයක් වූ අතර බොහෝ පිරිසක් ගමන් කිරීම දක්නට ලැබීමත් සුලබ දසුනක් විය. වර්තමානයේ ගමන් ගන්නා බොහොමයක් බස් රථවල මෙන් මෙම පෞද්ගලික බස් රථය ද තිර රෙදි යොදා, ඇතුළත විවිධ වැකි සහිත පුවරු සහ විදුලි බුබුළුවලින් ද ඒකාලෝක වන අයුරින් අලංකාර කර තිබෙනු දක්නට ඇත. එමෙන්ම මෙහි රියදුරු අසුනට ඉහළින් නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍රයක් සහ ශබ්ද වාහිනි යන්ත්‍ර සවි කර තිබෙන්නේ මගීන්ගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා ය.

පසුගිය දිනක මෙම බස් රථයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් පවත්වන ලද සංගීත ප්‍රසංගයක වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරමින් තිබූ අතර, බසයේ ගමන් කළ මගීන් බොහෝ දෙනෙකු එයට ආකර්ශනය වෙමින් නරඹමින් සිටිනු දක්නට ලැබිණි.

මෙම සංගීත සංදර්ශනයේ එක්තරා උද්වේගකර අවස්ථාවන්වල, එහි නිවේදන කටයුතු ඉටු කළ නිවේදක මහතා විසින් විවිධ ඉල්ලීම් රසිකයන් වෙත ඉදිරිපත් කිරීම ද සුලබ දසුනකි. එවැනි එක් අවස්ථාවක දී අදාළ නිවේදකයා දෑත් ඉහළට ඔසවමින් “හූ” හඬක් ලබා දෙන්න යයි කීප වතාවක් ප්‍රසංගය නරඹන්නන්ගෙන් ඉල්ලීම් කරනු දක්නට ලැබිණි. එම ඉල්ලීමත් සමගම බස් රථයේ ඉදිරි පස අසුනක සිටි නවීන පන්නයට හැඳගත් තරුණියන් තිදෙනෙකු එක් වරම දෑත් ඔසවමින් “හූ” හඬ කිහිපයක් නැගූ අතර මගීන් සියල්ලගේම නෙත් ඒ දෙසට යොමු වූ අතර, බසය “හූ” හඬත් සමග එකම සිනා සාගරයක ගිලුණි. ඒ සමගම එතෙක් සංගීත සංදර්ශනයට වශී වී සිටි තරුණියන්ගේ නෙත් විවර වූ අතර විළියෙන් ඇඹරෙමින් බිම බලාගෙන ගමන් කරනු දක්නට ලැබිණි.



අදහස් (1)

සංගීතයට වහ වැටිලා කෙල්ලො තුන්දෙනෙක් බසයේ හූ කියලා

KANDEPOLA Tuesday, 06 November 2018 08:37 AM

දැන් බස් දුවන්නේ ඩීසල් වලින් නෙවෙයි. 'සහරා ෆ්ලෑෂ්' වලින්.

:       1       117

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site