IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


සංගීතෙට කොකු දාලා ගෑනුන්ගෙන් ගුටිකාලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



ගමේ පැවති සංගීත සැදෑවේදී තමාට සිංදුවක් කීමට නොදුන්නේ යයි උරණවී කළ කැත වැඩකින් එම සංගීත සැදෑවම පැයක් පමණ නතරවී කැත වැඩේ සිදු කළ කෙනාට ගමේ කාන්තාවන්ගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදුවූ පුවතක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.
ගමේ ක්‍රීඩා සමාජයේ සංවත්සරයක් නිමිත්තෙන් සංවිධානය කළ සංගීත සැදෑවකි. එය පැවතියේ කොල්ලන් කෙල්ලන් ක්‍රීඩා කළ ක්‍රීඩා කිරීමට ප්‍රයෝජනයට ගත් පෞද්ගලික බිම් කඩකය. ඒ අහල පහළ නිවසක් හෝ විදුලි පහන් කණුවක් නොමැති නිසා මේ සංගීත සැදෑව පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලිය ලබා ගත්තේ (ජෙනරේටරයකිනි) විදුලි උත්පාදන යන්ත්‍රයකිනි.
මේ සංගීත සැදෑව සඳහා ප්‍රසිද්ධ ගායක, ගායිකාවන් ගී ගයන්න නොපැමිණියත් එක එක රූපවාහිනී නාලිකාවන්වලින් පැවති ගායන තරගවලට සහභාගිවී ඉන් ඉහළට දක්ෂතා දැක්වූ ආධුනික ගායක, ගායිකාවෝ පැමිණ සිටියහ.


ඒ කෙසේවෙතත් සංගීත සැදෑව නැගලා ගියේය. ගමේ එකාලා එකා දෙන්නා සෙට් වූහ. සියල්ලෝම කැපූ පණුවන් මෙන් එක ගොඩේ දැගලූහ. තමන්ගේ නැටුම හොඳයයි සිතමින් ඔවුහු නැටූහ. ගායනයට දක්ෂ ගමේ එකෙක් දෙකෙක් ද මේ සංගීත සැදෑවේ වේදිකාවට ගොඩවී සිය ගායන හැකියාවන් ඉදිරිපත් කළහ.
මෙය දුටු ගමේ තවත් අයෙක් තමන්ට සින්දුවක් කීමට අවශ්‍යයයි සංගීත සැදෑව සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට කීය. ඒ අවස්ථාවේදී ඔහු සිටියේ වේදිකාවකට නැග සින්දුවක් කීමට තියා කෙළින්වත් සිට ගැනීමට නොහැකි තත්වයකය. ඔහු සිටි තත්වයත් ගායන හැකියාවත් නොදත් සංවිධායකයෝ ඔහුගේ ඉල්ලීම එක හෙළාම ප්‍රතික්ෂේප කළහ. එනමුත් ඔහුත් එක හෙළාම ඉල්ලා සිටියේ ගමේ අනෙක් අයට සින්දු කීමට දුන්නේ නම් තමාටත් ඒ අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමිනි.
තමාගේ ඒ ඉල්ලීම ඉටු නොවෙන බව දැනගත් ඔහු සංවිධායකයන්ට කීවේ ඉදිරියට සංගීතය කරගෙන යාමට ඉඩ නොදෙන ලෙසය. ඔහු ඒ වෙනුවෙන් සංවිධායකයන්ට තර්ජනය කළේය. මේ සංවාදය සිදුවී ගතවූයේ ටික වේලාවකි. සංගීත සැදෑවට සපයා තිබූ විදුලිය විසන්ධිවී ගියේය. සංගීත සැදෑව කළුවරේය. ඒ සමගම කොල්ලෝ කුරුට්ටෝ හූ තැබූහ. සංගීතය නරඹන්න පැමිණි තරුණ ජෝඩූ වෙන වෙන වැඩවලය.
සංගීත සැදෑවට සපයා තිබූ විදුලිය විසන්ධිවී යාමේ හේතුව පිළිබඳව සංවිධායකයන්ට මෙන්ම විදුලි කාර්මික ශිල්පියාට සිතා ගැනීමට නොහැකි කරුණක් විය. නිවසකින් හෝ මහා මාර්ගයේ ඇති විදුලි පහන් කණුවකින් විදුලිය ගත්තේ නම් හදිසියේ මේ ආකාරයට විදුලිය විසන්ධි වී යාමට ඉඩ පැවතියත් ජෙනරේටරයකින් මෙලෙස විදුලිය විසන්ධිවී යාම විය නොහැක්කක් නිසා විදුලි කාර්මික ශිල්පියා ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වූයේ සංවිධායකයන් ද සමගමය.
දෙයියනේ ජෙනරේටරයෙන් සංගීත සැදෑවට විදුලිය සැපයූ රැහැන් කපා දමාය. සංවිධායකයන් සිය ජංගම දුරකතනවල විදුලි පන්දම් දල්වා වේදිකාවේ සින්දුවක් කීමට ඉල්ලා නොදුන් අය සොයා ගියේ මේ අතරය. ඒ වනවිටත් කටර් අඩුවක් අතේ ඇතිව ඔහු සංගිත සැදෑව පැවති බිමෙන් පලා යාමට උත්සාහ ගනිමින් සිටියේය. එතන සිටි ගැහැනුන් මේ අසමජ්ජාති වැඩේ කළ ඔහුට සිය අත්වල තිබූ කුඩවලින් තඩි බෑවේ අම්මාගෙන් බිවූ රන් කිරි සිහිවෙන්නලු‍.

 



අදහස් (0)

සංගීතෙට කොකු දාලා ගෑනුන්ගෙන් ගුටිකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site