(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සිසුවකු විභාගයට පෙනී සිටි නිවසට පැමිණි විගසම කොළයක ලියා නිවසේ ඉදිරිපස දොරේ ඇළ වූ අපුරු දැන්වීමක් පිළිබඳවූ පුවතකි.
එය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකි. ඔහු පසුගිය ඉරිදා (11) පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුවෙකි. විභාගයට පිළිතුරු ලියා නිවසට පැමිණි සිටි පවුලේ සාමාජිකයින් මෙන්ම නිවසට පැමිණෙන හැමදෙනාම විභාගය ගැන විමසන බව දන්නා ඔහු එය විශාල කරදයක් වන නිසා විභාගයට පෙනී සිට නිවසට පැමිණි විගසම පාසල් නිල ඇඳුමවත් අයින් නොකර කොළයක් හා පෑනක්ගෙන දැන්වීමක් ලියා නිවසේ ඉදිරිපස දොරේ අලවන ලද අතර එහි සඳහන් වූයේ මෙසේයි.
පවුලේ සාමාජිකයින් හා නිවසට පැමිණෙන ඥාතීන් හිතවතුන් වෙත මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සමීර පුතා කරන කාරුණික දැනුම් දීමයි.
මම ශිෂ්‍යත්ව විභාගයට හොඳින් පිළිතුරු ලිව්වා. I පත්‍රයේ අමාරු ප්‍රශ්න 3 ක් තිබුණා. ඉංග්‍රීසි හා දෙමළ ප්‍රශ්නවලටත් නිවැරදි පිළිතුරු ලිව්වා. රචනාවට අදාළ වාක්‍ය තුනක් නිවැරදිව ලිව්වා. මට විභාගයෙන් හොඳ ලකුණක් ලැබේ කියා අපේක්ෂා කරනවා. ඒ නිසා විභාගය පිළිබඳව මගෙන් අහන්න එපා කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ප්‍රතිඵල ආවාම හැමෝටම දන්වන්නම්.
මෙයට සමීර පුතා.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශිෂ්‍යත්වය ලියූ සිසුවාගෙන් නිවසේ සැමට දැන්වීමක්