IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශක්තිය වැඩිකරන බේතෙන් දත් කැක්කුම හොඳවෙලා

හේවාහැට-එම්.දසනායක


ශරීර ශක්තිය වැඩි කරගැනීමට ඇති ඖෂධ පානය කර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති දත් කැක්කුම සුව කරගත් වයෝවෘද්ධ ගොවි මහතකු පිළිබඳව පුවතක් පාතහේවාහැට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධියට මුහුණ දුන් ගොවි මහතා ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින අයෙකි. වයෝවෘද්ධ වුවද තවමත් ඔහු කැත්තේ උදැල්ලේ වැඩටද රුසියෙකි. සිය සම වයසේ මිතුරන් සමග දිනපතාම මල් පැන් වඩියක රස බැලීමද ඔහුගේ දින චර්යාවේ කොටසකි.
මෙසේ සවස් යාමයේ මිතුරන් සමග කාලය ගත කරන අතරතුර ඔහු තම සිතේ සඟවාගෙන සිටි ශරීර ශක්තිය වැඩි කරගැනීමට ඇති ඔසුව මිලදී ගැනීමේ අදහස මිතුරන්ට පවසා ඇත. අදාළ ඖෂධ වර්ගය නගරයේ ඇති ඔසුහලේ ඇති බවත් එම ඖෂධ වර්ගය අධික මිලකින් යුතු බවත් පවසා ඇති මිතුරන් තමන් කිසිවකුට ඔසු හලෙන් එම ඖෂධය මිලදී ගැනීම ලැජ්ජා සහගත කරුණක් නිසා ඒ සඳහා උපක්‍රමයක් කල්පනා කර තිබේ.


පසුව ඒ සඳහා මුදල් ගෙවා අතරමැදියකු තෝරාගෙන එම ඖෂධය අතරමැදියා ලවා ඔසුහලෙන් මිලදී ගැනීමට තීරණය කර තැබෑරුම අසලදී මේ පිළිබඳව එම පුද්ගලයාට පවසා ඇත. අතරමැදි ගාස්තුව ලෙස රුපියල් දහසක මුදලක් තමන්ට අවශ්‍ය බවත් ඖෂධය මිලදී ගැනීමට තවත් රුපියල් දහසක මුදලක්ද අවශ්‍ය බවත් පවසා එම මුදල් ලබාගෙන තව නොබෝ වේලාවකින් නගරයේදී තමන් හමුවෙන ලෙස පවසා අතරමැදියා පිටත්ව ගොස් ඇත.
ඔසුහලෙන් ඖෂධය මිලදීගත් පුද්ගලයාගෙන් එම ඖෂධය ලබාගත් ගොවි මහතා ඉක්මනින් නිවසට පිටත්ව ගොස් ඇත.
පසුදින ගොවි මහතා නගරයේදී මුණ ගැසුණු විට අතරමැදියා ඖෂධයේ ගුණ අගුණ විමසූවිට ගොවි මහතා පවසා ඇත්තේ කියලා වැඩක් නෑ මරු බෙහෙත අවුරුදු ගාණක් තිබ්බ දත් කැක්කුම නම් අඩුවුණා යනුවෙනි.
තමන් අතරමැදියාගේ ගැටයට හසුවූ බව ගොවි මහතා දැනගෙන ඇතත් ඔහු සමග කලකෝලාහල ඇති කරගැනීම තවත් ලැජ්ජාවට කරුණක් නිසා පාඩුව හා තරහ ඉවසාගෙන පිටව ගොස් ඇත.
ශක්තිය වැඩි කරගැනීමේ ඔසුව වෙනුවට දත් කැක්කුමට ලබාගන්නා ඔසුවක් මිලදීගෙන ගොවි මහතාට තමන් ලබාදුන් බව අතරමැදියා සිය මිතුරන්ට පැවසීම නිසා සියලු‍ දෙනාම මෙම රහස දැනගෙන ඇත.



අදහස් (0)

ශක්තිය වැඩිකරන බේතෙන් දත් කැක්කුම හොඳවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site