IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැළ විකුණලා මුදලාලි අතිනුත් කාලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම) 
ඉදුණු වැළ ගෙඩියක් කෑමට ගත් තරුණයකු ඇතුළු පිරිසක් මිල ගණන් ගෙවූ ආකාරය දැක මුදලාලිට තරු පෙනුණ පුවතකි මේ. 


සිද්ධිය වාර්තා වන්නේ ඇතුගල්පුරවරයේ කොස්වලට ප්‍රසිද්ධියක් උසුලන නගරබද රක්ෂිත පෙදෙසකිනි. 


මෙම ප්‍රදේශයේ මඟ දිගට කොස් වැළ වරකා විකුණන්නට ප්‍රදර්ශනයට තබා ඇති අතර ඒවා නැති පෙදෙස්වල අය ඒවායේ රස බලන්නට රුචියක් දක්වති. 


කඩවසම් තරුණයකු එතැනට පැමිණියේ තවත් තරුණ පිරිසක් කැටුවය. 


මුදලාලි කොස්වල මිල ගණන් කොහොමද? 
වැළ ගෙඩියක් ගත්තත්, වරකා ගෙඩියක් ගත්තත් හැම ගෙඩියක්ම රුපියල් විස්සක් වෙනවා. 


කොස් ඇටවල මිල ගණන් කොහොමද? 
කොස් ඇට අපි විකුණනවා ඇට කිලෝවක් රුපියල් 15කට. 


හැබැයි පිටතින් කොස් ඇට ගෙනාවොත් අපි ඇට කිලෝවක් රුපියල් දහයකට මිලදී ගන්නවා මුදලාලි තරුණයාට පැවසීය. 
කතාවට සවන් දුන් තරුණයකු කිසිත් නොකියා වැළ ගෙඩියක් තම භාරයට ගත්තේය. 


ඔහු එය රැගෙන යහළුවන් ද කැටුව ඒ අවට පෙදෙසක වාඩි විය.


කණ්ඩායම එක්ව පැණි රස බේරෙන වැළවල රස බැලූහ. 


වැළ ගෙඩිය කෑමෙන් අනතුරුව තරුණයා ඉවත ලූ සියලුම කොස් ඇට අහුලන්නට පටන් ගත්තේය. ඒවා උරයක දා ගත් තරුණයා එය රැගෙන ගොස් වැළ වරකා විකුණු තැනැත්තා අත තැබීය. 


කොස් ඇට කිරා බැලූ මුදලාලි එහි කිලෝ තුනක් ඇතැයි පෙන්වා දුන්නේය. 


එහෙනම් කන්න ගත් වැළ ගෙඩියට රුපියල් විස්සයි නේද? 


මෙතැන කොස් ඇටවල ගණනට රුපියල් තිහයිනේ. 


වැළ ගෙඩියට රුපියල් විස්ස අඩු කරගෙන ඉතිරි රුපියල් දහය අතට දෙන්න තරුණයා කීය. 


කිසිත් නොකියූ මුදලාලි රුපියල් දහයක් ඔහු අත තැබීය. 


එය ගත් තරුණයා ඇතුළු පිරිස එතැනින් නික්ම ගියහ. 


තමාගේ වැළ ගෙඩිය ණයට කාලා කොස් ඇටත් දීලා අතටත් මුදල් ගත් ආකාරය වටහා ගත් මුදලාලි වහාම කොස් ඇට මිලට ගන්නා බවට සඳහන් කර තිබූ දැන්වීම් පුවරුව ඉවත් කර එතැන් සිට වැළ වරකා කොස් ඇට අලෙවි කරන දැන්වීම් පමණක් එහි ප්‍රදර්ශනය කෙරුවාලු. 



අදහස් (4)

වැළ විකුණලා මුදලාලි අතිනුත් කාලා

චිත්‍රානන්ද Tuesday, 27 July 2021 05:42 AM

මේක මේ පරණ කතාවක්... බොරුනේ මේ ලියලා තියෙන්නේ දැන් කාලේ වුණා කියලා...

:       0       0

චන්දන ගමගේ Wednesday, 28 July 2021 04:44 AM

මේ කථාව අපි පොඩි කාලෙත් ( අවු 40-45 ට පෙර) අහපු කථාවක්නෙ

:       0       0

SAMAN Thursday, 29 July 2021 08:04 AM

බුද්ධිමත් තරුණයෙක්... රටේ ප්‍රතිපත්ති හදන තැනට යවන්න වටින මොලයක්...

:       0       0

දිමුත් Thursday, 29 July 2021 09:55 AM

මේ මිල ගණන් ඇහුවාම 90 දශකයේ කතාවක්ද කියලත් හිතෙනවා....

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site