IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වළලන්නම් කියා සල්ලි අරන්: බලු කුණ බසයක පටවා යවලා

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මියගිය සුනඛයකු භූමදානය කිරීමට  පොරොන්දු වූ පුද්ගලයකු රුපියල් එක්දහස් පන්සියයක මුදලක් කුලිය ලෙස ලබාගෙන, පෝර උරයක බහා රැගෙන ගිය සුනඛයා  මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක අසුනක් යට සඟවා පලායාමේ සිදුවීමක් ඉකුත්දා  මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු නිරන්තරයෙන්  පරණ යකඩ බඩු එකතු කිරීම සඳහා  මත්තේගොඩ නිවාස සංකීර්ණය අවට ප්‍රදේශවලට පැමිණෙන අතර බොහෝ දෙනෙක් ඔහු හොඳින් හඳුනති.


ඒ අනුව ඉකුත්දා ඔහු මත්තේගොඩ නිවාස සංකීර්ණයට පැමිණ එහි නිවසින් නිවසට ගොස් යකඩ බඩු එකතු කරමින් සිටියදී යාබද නිවෙසක සුරතලයට ඇති කළ සුනඛයෙක්ද මියගොස් සිටියේය.


එහෙත් මියගිය සුනඛයා භූමදානය කිරීමට එම නිවෙස්වලට ප්‍රමාණවත් ඉඩකඩක් නොතිබීම නිසා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානමින් සිටියදී එම නිවසට පැමිණි මෙම පුද්ගලයා සුනඛයා භූමදානය කිරීමට පොරොන්දු වී තිබේ.


ඒ සඳහා යහමින් කුලී මුදල් ඉල්ලා ඇතත් ඊට එකඟ නොවූ නිවැසියෝ අවසන රුපියල් 1500 මුදලක් දී යාබද ඉඩමක සුනඛයා භූමදානය කරන ලෙසට දැන්වූහ. එහෙත් ඔහු පවසා ඇත්තේ  නිවෙස් අසල භූමදානය නොකොට සුනඛයා සුසාන භූමියකටම රැගෙන ගොස් භූමදාන කරන බවයි.


ඒ අනුව සුනඛයා පෝර උරයක දමාගෙන ගොස් මත්තේගොඩ සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට ගොඩ වී එහි අසුනක් යට පෝර උරය සඟවා වෙනත් ස්ථානයකින් බැස ගොස් තිබේ.


එහෙත් මේ බව කිසිවක් නොදත් බස්රථ හිමිකරු දිනයේ රාජකාරී නිමවා බස් රථය පිරිසුදු කරමින් සිටියදී අසුනක් යට සඟවා තිබූ සැක කටයුතු පාර්සලයක් දැක එය ගෙන පරීක්ෂා කිරීමේදී  ඒ තුළ මියගිය  සුනඛයාගේ සිරුර හමුවිය.


පසුව බස්රථ හිමිකරු එම සුනඛයා භූමදානය කොට නිවෙසට ගොස් ඒ බව පවසද්දී බස් රථයේ හිමිකරුගේ නිවෙසට යාබද නිවසේ සුරතලයට ඇති කළ සුනඛයකු එදින දහවල් මියගොස් සිටි බව දැනගන්නට ලැබිණි. ඒ බව පසුව යාබද නිවැසියන්ට පවසා දිගින් දිගටම සොයා බැලීමේදී මෙම කතාවේ සුලමුල අනාවරණය විය.

 



අදහස් (0)

වළලන්නම් කියා සල්ලි අරන්: බලු කුණ බසයක පටවා යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 4 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 422 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 4 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 782 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 871 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 685 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 734 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1229 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site