ළමා කතා පොත් අලෙවි කිරීම සඳහා තම ආයතනයට පැමිණි වෙළෙන්දෙකුගෙන් ආයතනයේ බොහෝ පිරිසක් පොත් මිලදී ගනිද්දී එහි ඉහළ පෙළේ නිලයක් දරන පුද්ගලයකු වෙළෙන්දා අත තිබූ පොත් කට්ටලයක් රැගෙන ඒවායේ පිටු එකින් එක පෙරළා තම ජංගම දුරකථනයෙන් ඒවායේ පිටු ඡායාරූප ගතකොට පොත් මිලදී ගැනීම සඳහා වැය වන මුළු මුදලම ඉතිරි කරගත් බව කියවෙන පුවතකි.
ආයතනයේ සේවක පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය සැලකිය යුතු පිරිසක් සේවය කරන ආයතනයකි.
පොත් වෙළෙන්දෙකු ළමා කතා පොත් තොගයක්ද රැගෙන එහි පැමිණියේ සේවකයන්ගේ වැටුප් දිනය ඉලක්ක කර ගනිමිනි.
කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් නිමවා තිබූ ළමා කතා පොත් කට්ටලයක් මිලදී ගැනීමට සේවක පිරිස තුළ වූයේ ද දැඩි උනන්දුවකි. තම වියදම් දරාගත නොහැකි මට්ටමක තිබුණ ද දරුවන්ට ආදරය කළ බොහෝ දෙනෙකු පොත් කට්ටලයක් මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූයේ තම දරුවන්ගේ අනාගතය ගැන සිතමිනි.
මේ අතරතුර පොත් කට්ටලයක් අතට ගත් ආයතනයේ ඉහළ නිලයක් දරන නිලධාරියකු පොත් කට්ටලයේ පොත් පිටු එකින් එක පෙරළමින් ඒවා තම ජංගම දුරකථනයට ඡායාරූප ගත කර ගත්තේ වෙළෙන්දාගේ ද මුහුණ පුළුටු කරමිනි.
එහි සිටි කටකාර සේවකයෙකු ‘‘සර් පොත් කට්ටලයක් ගන්නේ නැද්දැයි’’ අසද්දී නිලධාරියා ඇඟට පතට නොදැනී කියා සිටියේ ‘‘සල්ලි දීල ගන්න ඕන නෑ මං මේ පොත් ටික ඔක්කොම පෝන් එකට දාගත්තා’’ යනුවෙනි.
‘‘අනේ මෙහෙමත් ‘ලෝභයෙක්’ යැයි එහි සිටි සේවිකාවක කියා සිටියේ ආසන්නයේ සිටි කීප දෙනෙකුටද ඇසෙන පරිද්දෙනි.
වියලුව වාර්තාකරු
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2022
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙළෙන්දා විකුණන්න ගෙනා මුළු පොතම ලොක්කා ෆොටෝ ගහගෙන