එක් මිතුරකුගේ වෙස් මාරුවක් නිසා අනෙක් මිතුරාට ඔහු හඳුනා ගැනීමට නොහැකිව සිදුවන්නට ගිය අකරතැබ්බයකින් මිතුරන් දෙදෙනාම ගැලවුණ සිදුවීමක් දුම්බර කොට්ඨාසකින් වාර්තාවේ.
මහනුවර ප්‍රදේශයේ මහජන සේවා සපයන ආයතනයක සේවය කරනු ලබන ජනප්‍රිය චරිතයක් වන 55 හැවිරිදි මොහු තම හිස කෙස් සුදු පැහැවීමෙන් වැළකීම සඳහා නිතර වර්ණාලේප ගන්වන අයෙකි. දිනක් මොහුට එම වර්ණාලේප ගැන්වීමේදී ඇති වු සංකූලතාවයක් නිසා එදිනෙන් පසු එම වර්ණ ගැන්වීම නතර කළ අතර කොණ්ඩය කොටට කපා දැමීමට තීරණය කළේය. දැන් ඔහුගේ කොණ්ඩය සුදුම සුදුපාටය. කිසිවකුට ඔහු හඳුනා ගන්නට නොහැකි තරම් ස්වරූපය වෙනස් වී තිබේ. ඒ බව ඔහුට වැටහුණේ තම ආයතන ප්‍රධානියා සහ හිතවතුන් පවා වෙනදා ඔහු දුටු විට යමක් පවසා සිනාසුණත් මෙම වෙනසෙන් පසු ඔහු හඳුනා ගැනීමට ඔවුනට විනාඩි කීපයක් ගතවීම හේතුවෙනි. වෙනස හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ මුවින් වෙනදට වඩා වැඩි සිනහවක් ඔහුට ලැබුණේ ඔච්චමට මෙනි.
මේ වෙනස නිසා තම කලණ මිතුරා දැඩි අපහසුතාවට පත් වුණේ මේ අහඹු වෙනස් වීම හේතුවෙනි. මාස දෙක තුනකින් හමු නොවුණු මිතුරකුගෙන් දිනක් ලැබුණු ඇමතුමකින් පැවසුණේ තමන් මහියංගන ප්‍රදේශයේ කිසියම් අවශ්‍යතාවකට හෙට උදේ යන නිසා තමන් සමඟ එම ගමනට යන්නට එන ලෙස මිතුරාට ආරාධනයක් ද කරමිනි.
එම යන ගමනේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙන පරිගණක යන්ත්‍රයද මහියංගනයට රැගෙන ගොස් එය සකස් කර ගැනීමට හැකිවන හෙයින් මිතුරා සඳහන් කළ දින එකී වේලාවට ඔහු ද මහියංගනයට යෑමට සූදානම්ව සිටියේය. නියමිත වේලාවට මිතුරා මෝටර් රියෙන් අදාළ ස්ථානයට පැමිණ ඇති බවට දුරකතන ඇමතුමකින් දැනුම් දුන්නේ ඒ වනවිට ඔහු මාර්ගයට පැමිණ නොසිටි නිසාය.
හිතවතා පැමිණෙන තුරු සින්දුවක් ඇසීම සඳහා ගුවන් විදුලි යන්ත්‍රය පණ ගන්වා එය ශ්‍රවණය කරමින් සිටින අතර හිතවතා එන මාර්ගය දෙසට නෙත් යොමු කළේ ඔහු පැමිණෙනවා දැයි බැලීමටය. කිසියම් අයකු යම් බරක් වැනි දෙයක් රැගෙන දෑතින් පපුවට තුරුළු කරගෙන තම මෝටර් රථය දෙසට එන අයුරු මිතුරාගේ දසුනට හසුවිය. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවුණේ ඒ තම හිතවතා නොවන හෙයිනි.
ගතවූයේ විනාඩි කීපයකි. මෝටර් රථයේ පිටුපස දොර කිසියම් අයෙකු අවසරයකින් තොරව විවෘත කරන අයුරු දැනුණි. වහා එම දෙස බැලීමේදී ඔහුට දැක ගත හැකි වූයේ බරක් වැනි යමක් රැගෙන ආ පුද්ගලයා රැගෙන ආ දේ විමසීමකින් තොරවම එම භාණ්ඩය ආසනයේ තබන අයුරුත් නැවත වාහනයේ දොර වසා වාහනයේ වම් පස ඉදිරි දොර විවෘත කර වාහනයට නැග ගත් අයුරුත්ය. මෙය පුදුම සහගත දෙයකි.
නාඳුනන පුද්ගලයකු මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව උරණ වූ ඔහු “මොනවද මේ තමුසේ කරන්නේ. මේක තමුසෙගෙ වාහනයද? වාහනයෙන් ඇදලා දාන්න කලින් වහාම බහිනවා. ඒත් වාහනයට නැගි අමුත්තා කිසිවක් කතා නොකළේය. නිහඬව සිටියේය. හිතවතාට කාරණය වැටහුණි. ඔහු මිතුරා දෙස නොබලා දෑතින් මුහුණ වසාගෙන බිම බලාගෙන සිටියේය. ආගන්තුකයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ කල රියදුරු අසුනෙන් වහා නැගිට පිටතට විත් වම්පස දොර වෙත පැමිණ ආගන්තුකයා වාහනයෙන් පිටතට ඇද දැමීමට වාහනයේ දොර විවෘත කරනවාත් සමඟම නවතා ගත නොහැකි සිනහවෙන් හිතවතා මිතුරා දෙස බලන විට මිතුරා දුටු දසුනින් ඔහුටද මුවගට නැගුණු සිනහව නතර කර ගැනීමට විනාඩි කීපයක් ගතවිය.
හසලක සුනිල් ඒකනායක
2025 නොවැම්බර් මස 04
76
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙස් මාරුවෙන් මිතුරා හඳුනාගන්න බැරිවී අකරතැබ්බයක්