IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වාසනාව හොරෙන් උස්සලා අන්තිමේ දහදාහක් අතින් ගෙවලා

(බලන්ගොඩ විශේෂ - වයි.ඒ.එස්. වීරවංශ සහ රාස්සගල - සම්පත් ප්‍රියනන්දන)
බළන්ගොඩ ප්‍රදේශයේ තරුණයකුගේ පුරුද්දක් වූයේ නගරයේ වෙළඳ සලකින් දිනපතාම ලොතරැයි ටිකට්පත් අටක් මිලදී ගැනීමය. ටිකට් පත් මිලදී ගැනීමෙන් අනතුරුව පසු දින වෙළඳ සලට පැමිණ දිනුම් ඇද්දැයි පරීක්ෂා කිරීම ඔහුගේ සිරිතකි. 


ඇතැම් විට එම ටිකට්පත්වලට සුළු සුළු දිනුම් අවස්ථා තිබිණි. ඔහු ටිකට්පත් අටක් මිලදී ගත්ත ද දිනුම් ඇද්දැයි පරීක්ෂා කරන විට ඔහු අත ලොතරැයි පත් දහයක් දොළහක් තිබේ. මෙය වෙළඳ සල් හිමියාට ගැටලුවකි. ඔහු දිනක් තම හිතවතෙකුගේ වීඩියෝ කැමරාවක් ඉල්ලාගෙන තරුණයා ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණෙන අවස්ථාවේ කැමරාව ඔහු දෙසට හරවා හොර රහසේ ක්‍රියාත්මක කළේය. ලොතරැයි ගැණුම්කරු වෙළඳ පොළෙන් පිටව ගිය පසු කැමරාවේ වීඩියෝ සටහන් පරීක්ෂා කර බැලුවේය. 


කැමරාවේ සටහන්ව තිබුණේ තරුණයා මිලදී ගන්නා ටිකට්පත් අටට අමතරව හොර රහසේ තවත් ටිකට්පත් කිහිපයක් සාක්කුවට දමා ගන්නා අයුරුය. පසුදා තරුණයා වෙළඳ සලට පැමිණි පසු ඔහුට වීඩියෝව පෙන්නුවේය. තරුණයාට තරු විසිවිණි. මට සමාවෙන්න මුදලාලි. මම ආයෙ එහෙම හොරකම් කරන්නේ නැහැ. ඔහු බැගෑපත් විය. හරි කමක් නැහැ තරුණයෙකු නිසාත් සමාව ගත්ත නිසාත් මම පොලිසියට මේ ගැන පැමිණිලි කරන්නේ නැහැ. හැබැයි මට වෙච්ච පාඩුව වෙනුවෙන් රුපියල් දසදහසක් ඕනි. කොච්චර ටිකට්පත් හොරකම් කළා ද කියලා මම දන්නෙත් නැහැනෙ. 


මුදලාලි දැන් මගේ අතේ දසදහසක් නෑනෙ. හෙට කොහොම හරි ගෙනත් දෙන්නම් කියා වෙළඳ සලෙන් පිටව ගිය අතර පසු දින උදෑසනම මුදලාලිට අලුත්ම දහසේ කොළවලින් රුපියල් දසදහසක් ලබා දීමට තරුණයා කටයුතු කළේය. 

 



අදහස් (0)

වාසනාව හොරෙන් උස්සලා අන්තිමේ දහදාහක් අතින් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site