IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැසිකිළියට ගිය බස් කොන්දොස්තරගේ කලිසම සොරාගෙන

රත්නපුර ඇලපාත මාර්ගය කොත්තබැවිල තෙක් දිවෙන පෞද්ගලික  බස්රථයක කොන්දොස්තර සිය නිවෙසේදී තම සනිපාරක්‍ෂක කටයුතු ඉටුකරගැනීමට කාල වේලාවක් නොමැතිවීමෙන් එය දරාගෙනම සුපුරුදු රැකියාවට පිටත්ව ගොස් ඇත. පාසල් දිනක් වූ එදින උදෑසන සිටම තමා රාජකාරි කළ බස්රථයට මගීන් ගෙන් අඩුවක් නොවීය. අවශ්‍යතාව තිබුණද සනීපාරක්‍ෂක කටයුතු පමා කර සිය කාර්යයේ සියැලූනි. මේ කොන්දොස්තරවරයා බස් රථය ගමනාන්තයට පැමිණි පසුව මද විරාමයේදී ශාරීරකෘත්‍ය සඳහා බස් නැවතුම්පල පිහිටි වැසිකිලියට ඇතුලූ වූයේය. අනතුරුව ශාරීරකෘත්‍ය නිමාකර ඔහු හැඳ සිටි දිගු කලිසම රැඳවූ ස්ථානයෙන් යළි ඇඟලාගන්නට සූදානම් වූවත් එය රැඳවූ ස්ථානයේ නොතිබුණි. එයින් ඔහු අන්දමන්ද විය. අවසානයේ කොන්දොස්තර හිතට ධෛර්ය උපදවා කෑගසා තමාට සිදූවූ විපත කියා ඇත. අසා සිටි අයකු කලිසමක් රැගෙන දොර අසලට ගමන් කර ඇත. පිටතට පැමිණි කොන්දොස්තරවරයා කියා සිටියේ තම කලිසම රැගෙන ගිය අයකු මුදල් හා ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇති බවයි.



අදහස් (0)

වැසිකිළියට ගිය බස් කොන්දොස්තරගේ කලිසම සොරාගෙන

යෝධයා Monday, 16 January 2012 02:28 PM

ඔයාලා මේ කලිසම හොරකම් කරපු දෙයක් ගැන කියලා ලංකාව හෑල්ලු කරනවා. ඔය කියල බටහිර රටවල් වල මිනිස්සු අනිත් රටවල් වල මිනිස්සු මරන්නේ පහත් ජාතීන් කියලා... උන්ගේ මනුස්ස කමත් නෑ. කලිසමද ජීවිතේද ලොකු?

:       0       0

Honda Putha Monday, 16 January 2012 05:35 PM

මෙයා ශරීර කෘත්‍ය නියම වෙලාවට නොකකලේ සල්ලි වලට තියෙන කෑදර කම නිසා. මොන ප්‍රශ්නේ තිබුනත්. කන එක, හුස්ම ගන්න එක, වතුර බොන එක, ශරිර කෘත්‍ය වැනි දේවල් පිළිවෙලට කරන්න ඕනිනේ. හොඳ පාඩම මේයාට. අයෙත් නම් එක ගෙදරදී කරලා යයි.

:       0       0

නිරිඇල්ල අයියා Monday, 16 January 2012 10:42 PM

ඔයාගෙ කට නිසා තමයි ඕක වෙන්න ඇත්තේ

:       0       0

ජයී Friday, 13 January 2012 07:30 PM

මේවා කියෙව්වොත් සංචාරකයෙක්වත් ලංකාවට එන එකක් නෑ. ඒ අයට සිංහල බැරි එක අපේ වාසනාවක්.

:       0       0

ප්‍රියන්ත Saturday, 14 January 2012 01:46 PM

මෙයාට ගෙවපු සල්ලි එක සැරේටම ගිහින් වගේ

:       0       0

යමුනා Saturday, 14 January 2012 06:50 PM

ලංකාවට වෙච්චි දෙයක්

:       0       0

වසන්ත කුමාර Sunday, 15 January 2012 09:13 PM

හැම දෙයකටම විදියක් තියෙනවා. නොසැළකිල්ල තමයි මේකට හේතුව. කාලය සැළසුම් කර ගත්තානම් මෙහෙම වෙන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site