වියපත් මවකට අංශභාග රෝගය විශ්ව බලයෙන් සුවකර ගැනීිමේ අරමුණින් බුලත් හුරුල්ල මත පඬුරක් වෙනුවට තැබූ කරාබු ජෝඩුව ඇසළ පෝදා අතුරුන්වීමේ පවුතක් පිළිබඳ තොරතුරක් මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙය මත්තේගොඩට යාබද ගමකි. එහි අවුරුදු 70ක පමණ වියපත් මවක් දිවි ගෙවන්නීය. ඇය නිවසේ දරුවන් සමග වාසය කළත් දිවා කාලයේ රැඳී සිටින්නේ හුදකලාවය.

ගෙවී ගිය ඇසළ පෝදා උදෑසන සුපුරුදු පරිදි මව තනියම නිවසේ සිටියදී වතුර ටිකක් ඉල්ලා තලතුනා තරුණයකු නිවසට පැමිණ ඇත. තරුණයා බැගෑපත් ස්වරයෙන් ඉල්ලූ වතුර පොද අත් වාරුවෙන් නිවස තුළට ගොස් රැගෙන ඉදිරියට ආවාය.
ඒ අවස්ථාවේදී වතුර බොන ගමන් මවගේ රෝගී තත්ත්වය විමසා ඇත.
එවිට ඇය “අනේ පුතේ ලක්ෂ ගණනක් වියදම් කළත් මේ අංශභාගය සුව කර ගන්න බැරි වුණා. මටනම් දැන් ජීවිතයත් එපා වෙලා තියෙන්නේ, මේ ලෙඬේ සුව කරන කෙනෙක් හිටියනම් බුදු බව ලැබෙනවා පුතේ” යැයි කීවාය.
එවිට තරුණයා පවසා ඇත්තේ “අනේ අම්මේ ඕක සුළු දෙයක්. මම මේ වගේ ලෙඩද සුව කරල තියෙන්නේ. යුද්දෙදි වෙඩි වැදුණු වෙන් වුණු කකුල් පවා බද්ධ කරල තියෙනව. මම අම්මගේ ලෙඬේ පැය 24න් සුව කර දෙන්නම්” යැයි පවසා බුලත් හුරුල්ලක් ගෙන්වා ගෙන ඇත.
පසුව ඉන් එක් බුලත් කොළයක් ගෙන ඊට ටික වේලාවක් මොනවාදෝ මුමුණමින් සිට බුලත් හුරුල්ල මත පඬුරක් තබන්නැයි පවසා ඇත. එහිදී තමා අත ශත පහක්වත් නොමැති බව පැවසීමත් සමග එසේ නම් හනිකට වටිනා කුමක් හෝ දෙයක් තබන ලෙස පවසා ඇත. එහිදී කලබල වූ මව තම කරාබු ජෝඩුව ගලවා බුලත් හුරුල්ල මත තබා ඇත.
ටික වේලාවක් යනතුරු බුලත් හුරුල්ලට මුමුණමින් සිට එක් බුලත් කොළයකින් අප්‍රාණික වූ අතට සහ පාදයට ආශිර්වාද කොට, පඬුර කැප කිරීම පිණිස අඩි 07ක් උසින් තැබිය යුතු බව පවසා බුලත් හුරුල්ල නිවසේ ජනේලයක් මතින් තබා තරුණයා නිවසින් පිටව ගියේය.
එසේ පිටවයන අවස්ථාවේදී “අම්මේ පැය 24 ගියාට පස්සේ බුලත් හුරුල්ල අයින් කරල කරාබු ජෝඩුව ගන්නැයි ද කියා ඇත.
ඉන් මද වේලාවකට පසු මවගේ ලේලිය නිවසට පැමිණි අවස්ථාවේදී මේ බව පැවසීමත් සමග සැක සිතුණු ලේලිය පුටුවකට නැග බුලත් හුරුල්ල පරීක්ෂා කිරීමේදී කරාබු ජෝඩුව අතුරුදන්වී ඇති බව දැක ඒ පිළිබඳව පැවසීමේදී රෝගීව සිටි මවට දෙවියන් සිහිවිය.
(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විශ්ව බලෙන් ලෙඩාට මතුරද්දී බහිරවයා කරාබු ජෝඩුව අරන් පැනලා